තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව යාමට සැලසුම් කර නැති බව බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
තමන් ධුරයෙන් ඉවත්ව යන්නේ යයි පැතිරෙන තොරතුරු අසත්‍යයක් බවද ඒ මහතා කියා සිටියි.
මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමගම මහ බැංකුව අධිපතිවරයාද ධුරයෙන් ඉවත්වනු ඇතැයි පැතිර යන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අවසානයේදී භාණ්ඩාගාර ලේකම් තනතුරෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඒ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරයක් බාර ගැනීමට නියමිතය.
මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් නියෝජනය කිරීමට නියමිතඅතර ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ රටවල් සමූහයක් නියෝජනය කිරීමට නියමිතය.










