අද අප රටේ ජනතාවට බාල ගල් අගුරු හොරුන්ගේ පැත්තේ ඉන්න අයත් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉන්න අය කවුද කියා හදුනා ගැනීමට හැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පැවැති බලශක්ති අමාත්‍යාවරයාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ ඡන්දය තුළින් ජනතා විමුක්ති පෙරමුණේ 153ක් බාල ගල් අගුරු හා ගල් අගුරු වංචාව වෙනුවෙන් අත්ඉස්සූ බවත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ 49ක් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විදුලි බිල වැඩි කිරීම හා මේ වංචාවට විරුද්ධව නැගී සිටිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පසුබෑමකට ලක් නොවී ඉදිරියටත් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් ජනතාව පෙළ ගස්වා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.










