කොළඹ සිට නාවා ශෙවා (Nhava Sheva ) වරාය බලා ගමන් කරමින් තිබූ MV WAN HAI 503 නෞකාවේ පහළ තට්ටුවේ පිපිරීමක් සිදුවී තිබෙනවා.Sri Lanka Latest News
එම අනතුර සිදුවන අවස්ථාවේ නෞකාව තුළ 22ක පිරිසක් සිට ඇති අතර අනතුරින් හතර දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
තවත් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා සිටින බව සඳහන්.
ඉන්දීය නාවික ආරක්ෂක බලකාය (ICG) මඟින් ICGS රාජදූත්, ICGS අර්නවේෂ්, ICGS සචේත් යන විශේෂ නෞකා අනතුර සිදු වූ ස්ථානයට පිටත්කර යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දීය නාවික ආරක්ෂක බලකායේ ප්‍රකාශකයෙක් (PRO) සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අතුරුදන්ව සිටින නාවිකයින් සොයාගැනීම සඳහා සෙවීම් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.










