• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ බරපතළ කඩා වැටීමක්! අලුත්ම සමීක්ෂණයෙන් ආණ්ඩුවේ ජනප්‍රියතාව 21% සිට 9%ට කඩා වැටෙයි! Sri Lanka Latest News

November 5, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ බරපතළ කඩා වැටීමක්! අලුත්ම සමීක්ෂණයෙන් ආණ්ඩුවේ ජනප්‍රියතාව 21% සිට 9%ට කඩා වැටෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵලවලට අනුව 2023 ජුනි මාසයේ දී 21% ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2023 ඔක්තෝබර් මාසයේදී 9%ක් දක්වා පහත වැටී ඇත.Sri Lanka Latest News

රටේ වැඩකයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන 2023 ජුනි මාසයේ දී 12% ක්ව පැවති ජනතා තෘප්තිය ද, හරි අඩකින් එනම් 6% දක්වා පහත වැටී ඇති බවත් සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ජුනි මාසයේ සෘණ (-) 44 ක්ව පැවති අතර එය අද වනවිට සෘණ (-) 62 දක්වා පහත වැටී ඇත.

‘රට හිතන හැටි’ මත විමසුම වසරකට තුන් වතාවක් පවත්වනු ලබන අතර, එය දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් මත පදනම් වේ. සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය මට්ටමක් සහ උපරිම වැරදි ආභිතය 3% ට වඩා අඩු මට්ටමක පැවතෙන පරිදි ය.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය: “වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ඔබ අනුමත කරනවාද නැද්ද?” යන ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වා ඇති 9% ප්‍රමාණයක්, එය අනුමත කරන බව පවසා ඇත. (වැරදි ආභිතය ± 1.93% සහිතව). තවද, 7% ක් කියා ඇත්තේ ඔවුන්ට ඒ ගැන මතයක් නොමැති බවයි. මෙම වත්මන් අගය 2022 ජනවාරි සහ ඔක්තෝම්බර් මාසවල මෙන්ම 2023 පෙබරවාරි මාසවල පැවති 10% අගයට ආසන්න අගයක් පිළිබිඹු කරයි.

රට ගැන තෘප්තිය: ” පොදුවේ ගත් විට මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේවල් සිදුවෙන ආකාරය ගැන සෑහීමකට පත්වනවා ද? නැති ද?” යන ප්‍රශ්නයට, සෑහීමකට පත්වන බව පවතා ඇත්තේ 6%කි. (වැරදි ආභිතය ± 1.66% ක් සහිතව). මෙම අගය 2023 පෙබරවාරි මාසයේදී 4%ක් තරම් අඩු මට්ටමක පැවතිණ.

ආර්ථිකය ගැන විශ්වාසය
ආර්ථිකය ගැන විශ්වාසයේ අගය ජුනි මාසයේ පැවති සෘණ (-) 44 සිට ඔක්තෝබර් මාසයේ දී සෘණ (-) 62 දක්වා බරපතල ලෙස පහත වැටී ඇත. කෙසේවෙතත්, 2022 වර්ෂයේ ආර්ථිකය ගැන විශ්වාසය සම්බන්ධයෙන් සෘණ (-)96 සහ සෘණ (-)78 අතර පැවති අගයන් සළකන විට මෙය තරමක් යහපත් තත්ත්වයකි.

රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය ඇගයීමට බහුවර්ණ ප‍්‍රශ්න භාවිතා කර ඇත. එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත.

0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ. ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ (-)100ක් වේ.

ජනමත විමසුම ක්‍රියාත්මක කිරීම

‘රට හිතන හැටි’ දීප ජනමත විමසුම සැලසුම් කර ඇත්තේ ආණ්ඩුව, රට සහ ආර්ථිකය කෙරෙහි ජනතාවගේ අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය තක්සේරු කිරීම සඳහා ය. ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,029 දෙනෙකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කරගනිමින් 2023 ඔක්තෝබර් 21 සිට 29 දක්වා මෙම ජනමත විමසුම පවත්වා ඇත.
‘රට හිතන හැටි’ ජනමත විමසුම වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය එක්ව සිදුකරන syndicated survey නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වේ. syndicated survey හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව ඇත.

SendShareShare
Previous Post

පාඩු විඳගෙන මිනිස්සුන්ට කන්න දෙන්න මෙන්න මිනිස්සු! ගෑස් සීනි තෙල් වැඩිවුණා! ඒත් අපි පාන් බනිස් වැඩිකරන්නේ නෑ! බේකරි කට්ටිය කියන්නේ! Sri Lanka Latest News

Next Post

විදුලි රැහැන් පටලා තවත් වන අලියෙක් මරලා! අනවසර විදුලි රැහැන් යොදපු සැකකරු අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.