විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කෝටි ගණන් මුදල් පාසල්වලට සහ රෝහල්වලට වියදම් කරන බවත්, මෙම කෝටි ගණන් මුදල් පක්ෂයට වියදම් කළා නම් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ප්‍රචාරාත්මක වැඩසටහන් දියත් කළ හැකිව තිබූ බව පක්ෂයේම ඇතැමුන් කියන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කීය.
විපක්ෂනායකවරයා මේ හරහා නව සම්ප්‍රදායක් ඇති කර ඇති බව කී සේනාරත්න මහතා එය ඇතැමුන්ට හුරු නැති බවත් කියා සිටියේය.
අතීතයේ සිටම විපක්ෂයේ නායකයන් විපක්ෂයේ සිටියදී මෙවැනි සුබසාධන ක්‍රියාවලියක නිරත වී නැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










