ගල් අඟුරු හිඟය හේතුවෙන් ඉදිරියේදී විදුලිබල අර්බුදයක් ඇතිවිය හැකි යැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ වැඩි මිලට ගල් අඟුරු මිලදී ගැනීම හරහා කොමිස් මුදල් ලබාගැනීමේ අරමුණෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.
ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී විජේසිරි මහතා මේ බව සඳහන් කළා.










