අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා යොදවා සිටි පරීක්ෂකවරුන්ට ලබාදිය යුතු දීමනා වැඩි පිරිසකට ලබාදී නැති බව ලංකා ගුරු සංමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
අදාළ පරීක්ෂකවරුන්ට ලබාදිය යුතු මුදලෙන් කොටසක් කපාදමා ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යෑමට තවමත් තීරණයක් ගෙන නැත්තේ ළමුන්ගේ විභාග කටයුතුවලට හානිවෙන නිසා බවද පෙන්වා දුන් ස්ටාලින් මහතා, මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් පළමුව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතාගෙන් ‘මව්රට’ කරන ලද විමසුමකදී ඔහු සඳහන් කළේ අදාළ ගෙවීම්වලින් 90%ක් පමණ ගෙවා ඇති බවත්, ඉතිරිව ඇති තවත් මිලියන 140ක මුදල ඉදිරි සති කිහිපය තුළදී සහ භාණ්ඩාගාරයේ මුදල් ලද විගස ගෙවීමට කටයුතු යොදා ඇති බවත්ය.
ඒ අතර, ප්‍රධාන විභාග පරීක්ෂකවරුන්ට ගෙවීමේදී සිදුව ඇති අඩුවක් නිවැරැදි කිරීමටද පියවර ගෙන ඇති බවද ඔහු පැවැසීය.
ඇතැම් විභාග පරීක්ෂකවරුන් දීමනා ලබාගැනීමේ පෝරම වැරැදි ලෙස පුරවා ඇති බවද ඔහු සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න










