දැඩි වියලි කාලගුණය නිසා කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැතිවීම හේතුවෙන් කිරි නිශ්පාදනය දැඩි ලෙසින් අඩු වී ඇතැයි කිලනොච්චියේ කිරි ගොවීහු කියති. (Sri Lanka Latest News)
රාජ්‍ය හෝ පෞද්ගලික අංශය අංශය මැදිහත් වී කිරි ගවයින්ට තණකොළ ආහාරයට ගැනීම සඳහා ස්ථානයන් වෙන්කර දෙන මෙන් ඉල්ලා ගොවීහු විරෝධතාවක්ද සංවිධාන කොට තිබුණි.
කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ ජීවත්වන කිරි ගොවීන් රැසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර, ඔවුන්ගේ කිරි ගවයින්ද අසල පිහිටි කුඹුරු යායකට රැගෙනවිත් මෙම විරෝධතාවය සිදුකරනු ලැබීය.
lankadeepa










