• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙනස් කරන්න යෝජනාවක්! ක්‍රීඩාව භාර ඇමැති ප්‍රසන්න රණවීර! ක්‍රීඩා අධ්‍යක්ෂකම දේශබන්දු තෙන්නකෝන්ට! ප්‍රධාන පුහුණුකාරිනිය ඉෂාරා සෙව්වන්දි! පොලිසියේ දක්ෂතා ඇති කණ්ඩායමක්! Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙනස් කරන්න යෝජනාවක්! ක්‍රීඩාව භාර ඇමැති ප්‍රසන්න රණවීර! ක්‍රීඩා අධ්‍යක්ෂකම දේශබන්දු තෙන්නකෝන්ට! ප්‍රධාන පුහුණුකාරිනිය ඉෂාරා සෙව්වන්දි! පොලිසියේ දක්ෂතා ඇති කණ්ඩායමක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉතින් ආයුබොවන්ඩ මේ සිංහල අලුත් අවුරුදු කාලේ අපි තීරණය කළා අලුත් වැඩක් කරන්න. ලංකාව දැන් හුඟක් දේවල්වලින් වෙනස් වෙලානේ තියෙන්නේ. අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා, අලුත් දේශපාලන වටපිටාවක් හැදිලා, අලුත් සංස්කෘතියක් නිර්මාණය වෙලා. ඉතින් අපි සූදානම් අලුත් ක්‍රීඩාවක් හඳුන්වා දෙන්න ජාතික ක්‍රීඩාව විදියට. මේක අපි කරන යෝජනාවක්. ලංකාවේ ජාතික ක්‍රීඩාව විදියට මේ විදියට තියෙන්නේ වොලිබෝල්නේ. අපි වොලිබෝල් ජාතික ක්‍රීඩාවක් විදියට තිබ්බා කියලා වොලිබෝල්වලින් දිනන තැනකුත් නෑ. අපේ රටේ වොලිබෝල් බොහොම පහළ තැනක තියෙන්නේ. ඒ නිසා අපි ජාතික වශයෙන් ජයග්‍රහණ මිසක ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබෙන්නෙත් නෑ. මහේල වගේ ක්‍රීඩකයෙක් දෙන්නෙක් ලෝකෙට ගිහිල්ලා අපේ නම ලෝකෙට අරගෙන ගියාට. ඒ නිසා මේ ක්‍රීඩාවට අපිට පුළුවන්කම තියෙනවා වැඩි බරක් දාලා වැඩියෙන් අපේ කණ්ඩායම පුහුණු කරලා ලෝකෙට මේක අරගෙන යන්න. Sri Lanka Latest News

මේ ක්‍රීඩාව ජාතික වශයෙන් මිසක් ජාත්‍යන්තර වශයෙන් තියෙන බව අපිට දැනගන්න නැති වුණත්, අපිට ඕනේ නම් පුළුවන්කම තියෙනවා ලෝකයේ පුරාම මේ ක්‍රීඩාවට ක්‍රීඩකයෝ පුරුදු පුහුණු කරලා අපේ කණ්ඩායම් මේ වෙනකොට මේ ක්‍රීඩාවට සහභාගි වීම සඳහා සෞදි අරාබිය ඇතුළු රටවලට ගිහිල්ලා තියෙනවා. ඕමාන් බහරේන් වගේ අරාබි රටවලට ගිහිල්ලා අපේ කණ්ඩායම ක්‍රීඩාවට අවශ්‍ය කරන පහසුකම් හදලා තියෙනවා. මැලේසියාවේදී අපේ කණ්ඩායම ක්‍රීඩාවේ යෙදුණා. ඉන්දියාවේදී මේ තරගයට සහභාගි වෙන්න අපේ ක්‍රීඩකයෝ ගිහිල්ලා ජයග්‍රහණ ලබලා තියෙනවා. ඒ නිසා මේ කණ්ඩායම් මේ ක්‍රීඩාවට අපි පුරුදු කරලා අලුතෙන් ඒ අයට අවස්ථාව ලබාදෙන්න ඕනේ. මේ ක්‍රීඩාවට ලංකාවේ ඉන්න පුහුණු වුණු ක්‍රීඩකයෝ කීප දෙනෙක් අපි පහුගිය කාලේ හඳුනාගෙන තියෙනවා. ඉන් එක්කෙනෙක් තමයි ලංකාවේ කලින් හිටපු පොලිස්පතිතුමා. දේශබන්දු තෙන්නකෝන් මහත්තයා. එතුමා මේ ක්‍රීඩාව හොඳින් ප්‍රගුණ කරපු ක්‍රීඩකයෙක් බව දැන් අපිට තේරෙනවා. ඔහු මේ ක්‍රීඩාවේ දක්ෂ ලෙස නියැළෙමින් ඉන්නවා. ඔහුගේ හැකියාවන් ඔහු හොඳින් පෙන්වනවා මේ ක්‍රීඩාව සම්බන්ධයෙන්. ඉතින් මේ ක්‍රීඩාවේ ඔහු යෙදෙන ආකාරය අපිට බැලූ බැල්මට හොඳින් හඳුනාගන්න පුළුවන්. ඒ වගේම පහුගිය කාලේ අතුරුදන් වෙච්ච ප්‍රසන්න රණවීර අමාත්‍යවරයත්, අපි දන්නවා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්. ඉතින් ඔහුවත් දැන් මේ ක්‍රීඩාවේ දක්ෂයෙක් විදියට අපිට හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔහු මේ ක්‍රීඩාවේ හොඳින් නියැළෙනවා. ඔහුටත් අපිට පුළුවන්කම තියෙනවා අවස්ථාව ලබාදෙන්න මේ ක්‍රීඩාව සඳහා.

පහුගිය දවස්වල ගණේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයාට උදව් කරපු කෙනා දැන් මහමොළකාරිය කියන නම තියපු සෙව්වන්දි. මීගමුව පැත්තේ කෙනෙක්. මේ සෙව්වන්දිවත් අපිට පුළුවන්කම තියෙනවා මේ ක්‍රීඩාවට අවශ්‍ය කරන දක්ෂ ක්‍රීඩිකාවක් විදියට හඳුන්වා දීලා ඉදිරියට කැඳවාගෙන යන්න. මේ විදියට අපේ දක්ෂයෝ ඉද්දී අපි ඒ අයව මේ සඳහා භාවිත නොකිරීම ඉතා අවාසනාවක්. ඇත්තටම මේක මම හිතන්නේ පළමු වතාවට තමයි ජාතික වශයෙන් මේ හෙළිදරව්ව කරන්නේ.

දේශබන්දු තෙන්නකෝන් මහත්තයාගේ මේ ක්‍රීඩා කෞෂල්‍ය ගැන අපි මීට කලින් කොහෙදිවත් කතාකරලා තියෙනවා දැක්කේ නෑ. ඔහු මේ වෙලාවෙත් මේ ක්‍රීඩාව මාස කීපයක් තිස්සේ හොඳින් කරමින් යන බව අපිට පේන්න තියෙනවා. ඔහුත් එක්ක ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම තමයි මේ ක්‍රීඩාවට සහාය ලබාදෙමින් මේ වෙනකොට ක්‍රීඩාවේ යෙදෙන්නේ. මේක ජාතික වශයෙන් සිද්ධ කරන ක්‍රීඩාවක් බවට පත්වෙලා තියෙනවා. සෙව්වන්දිගේ ක්‍රීඩා කෞෂල්‍යය සහ ඊට පොලිසියෙන් ලබාදෙන සහායක් විදියට ජයග්‍රාහකයන් සඳහා ලබාදෙන විශාල ජයමල්ලක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා මේ ක්‍රීඩාවෙන් යම් කණ්ඩායමක් දිනුවොත්. ඒක දැන් ලක්ෂ 12ක් හෝ දැන් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මේ වගේ විශාල ජයමල්ලක් මේ ජයග්‍රාහකයා සඳහා ලබාදෙන බව අපි දකිනවා. මේක ලංකාවේ අපි මීට කලින් දැක්කේ ක්‍රිකට් ක්‍රීඩාවට විතරයි. මේ තරම් ලොකු ජයමල්ලක් ලබාදෙනවා. වෙනත් ක්‍රීඩාවලට මේ තරම් ලොකු තෑග්ගක් දිනන කණ්ඩායමට ලබාදෙන බවක් අපි දැක්කේ නෑ.

ඒ වගේම මේ තරගයේ තියෙන විශේෂත්වය තමයි මේ ක්‍රීඩාවට ඕනෑම කෙනකුට සහභාගි වීමේ හැකියාව තියෙනවා. ඕනෑම කෙනකුට හදිසියේ මේ තරගය ජයග්‍රහණය කිරීමේ හැකියාවත් තියෙනවා. පැරැදුණොත් නැත්නම් මේ ක්‍රීඩාවේ යෙදිලා ගැටලුවක් ඇතිවුණොත් එතැනත් ප්‍රශ්න තියෙනවා. නමුත් ඊට වඩා මේ ක්‍රීඩාවේ ඔවුන් යෙදෙන ආකාරය ඉතා විශිෂ්ටයි. මම හිතන්නේ මේ ලිපිය කියවනකොට ඔබට තාම හිතාගන්න බැරුව ඇති මේ ක්‍රීඩාව මොකක්ද කියලා. අපි හිතනවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයාගෙන්, ඒ වගේම අවශ්‍ය නම් ප්‍රසන්න රණවීරගෙන් දේශපාලන සහාය ලබාගන්න පුළුවන්. දේශබන්දු තෙන්නකෝන්ගෙන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සහ පොලිසියේ අවශ්‍ය සහාය මේකට ලබාගන්න පුළුවන්. සෙව්වන්දි ප්‍රධාන පුහුණුකාරියක් විදියට මේ ක්‍රීඩාවට යොදාගන්න පුළුවන්. අපි යෝජනා කරනවා ලංකාවේ ජාතික ක්‍රීඩාව විදියට මේ මොහොතේ ක්‍රීඩාව පාවිච්චි කරලා මේ අයව මේකට පුහුණු කරලා ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ලබාදීලා ඉස්සරහට කරගෙන යන්න කියලා. මම හිතන්නේ ඔබට දැන් විවිධ අනුමාන ඇති. විවිධ යෝජනා ඇති. විවිධ දේවල් හිතෙනවා ඇති. අපි යෝජනා කරන්නේ අපේ ජාතික ක්‍රීඩාව විදියට හැංගිමුත්තම් සෙල්ලම හොඳයි කියලා. අපිට හිතෙන විදියට. අපිට පේන දකින දේවල් හැටියට.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ.

SendShareShare
Previous Post

ලොකු එවුන්ගේ පාතාලය පොඩි එවුන්ටත් බෝවෙලා වගේ! නුගේගොඩ පාසලක සිසුන් දෙදෙනෙකුට තවත් සිසුන් පිරිසක් හොඳටම ගහලා! බරපතළ තුවාල ලැබූ සිසුන් දෙදෙනා ජ’පුර රෝහලේ නවත්තලා! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්ව අවුස්සලා රටක් ගිනි තියපු මෙහ්දි හසන් කාගෙ කවුද? Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට සිදුවනු ඇති බව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.