පාසල නිමවි නිවස වෙත යමින් සිටි සිසුවෙකු පැහැරගෙන ගොස් පහර දුන් බව කඹුරුපිටිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් චෝදනා කරනවා.
එම ශිෂ්‍යයා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
කඹුරුපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් 20 දින පාසල නිමවී නිවසට යමින් සිටියදී පොලිස් කාන්තාවක් ඇතුළු පිරිසක් පැමිණ මෙම සිසුවාගේ පියා හමුවීමට යන බව පවසමින් සිසුවා රවටාගෙන කඹුරුපිටිය පරණ බස් නැවතුම් පොළ මංසන්ධිය දක්වා රැගෙනවිත්, එතැන් සිට මෝටර් රථයක නංවාගෙන අතුරු මාර්ගයකට ගෙන ගොස් තම දියණිය සමග ඇති ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙසට තර්ජනය කොට පහර දී තිබේ.
පහරදීමෙන් පසුව පාසල් සිසුවා කඹුරුපිටිය සතොස ආයතනය අසල දමාගොස් ඇති අතර, ඔහුගේ දෙමව්පියන් විසින් සිද්ධිය සම්බන්ධව කඹුරුපිටිය පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයම කැඳවා විමර්ශනයක් සිදුකර, සිද්ධිය සමථයකට පත්කර ගැනිම සඳහා සිසුවාගේ පියාට රුපියල් දස දහසක මුදලක් ලබාදුන් බවද සිසුවාගේ පියා පවසයි.
පහරදීම සම්බන්දයෙන් චෝදනා එල්ලවන පොලිස් නිලධාරිණිය කඹුරුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන බව සදහන් වේ.
මෙම පොලිස් කාන්තාව මින් පෙර අවස්ථාවකදී ද ප්‍රහාරයට ලක් වූ සිසුවාගේ පියාට අයත් ව්‍යාපාරික ස්ථානය ගොස් චෝදනා කරමින් තර්ජනය කළ බවට සඳහන් වෙනවා.
කෙසේ වෙතත් මෙම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත අතර, ඔහු කඹුරුපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සිසුවාගේ පියා පවසයි.
මෙම සිදුවීම පිලිබද මාතර සහකාර පොලිස් අධිකාරි දෙක මහේෂ් පෙරේරා මහතා යටතේ විශේෂ විමර්ශනයක් සිදුකරන බව මාතර කොට්ඨාසය භාර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතා පැවසීය.
newscenter










