කලක සිට පැවති පෞද්ගලික ආරවුලක් හේතු කරගෙන තියුණු ආයුධවලින් යුධ හමුදා සෙබළෙකුට පහර දී බරපතළ තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ, පුත්‍රයා කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙක් ය.
පහරකෑමට ලක් වූ හමුදා සෙබළා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.
newscenter.










