මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඇතැයි මොරගහේන පොලිසිය කියයි.Sri Lanka Latest News
වෙඩි වැදිමෙන් එක් අයකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
සුදු පාටට හුරු මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මියගිය පුද්ගලයා හෝ තුවාල ලැබූ පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නැතැයි පොලිසිය කියයි.










