බණ්ඩාරගම අළුබෝමුල්ල රවුම් කඩේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මත්පැන්හලට එරෙහිව මහා සංඝයා වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශවාසීහු ඊයේ (09 වැනිදා) දැවැන්ත විරෝධතාවක නිරත වූහ.Sri Lanka Latest News
අළුබෝමුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිට ‘‘සුරාසල් බණ්ඩාරගම ආසනයට එපා” යනුවෙන් සඳහන් බැනරයක් පෙරටු කර ගනිමින් විරෝධතා පුවරු රැගෙන මහා සංඝයා වහන්සේගේ ප්‍රධානත්වයෙන් දහම් පාසල් සිසු දරුවන්, ගුරු භවතුන්, ප්‍රදේශවාසීන්, ඇතුළු බහුජන සංවිධාන සාමාජිකයන් පාගමනින් අළුබෝමුල්ල රවුම්කඩේ ප්‍රදේශයේ මත්පැන්හල ආරම්භ කිරීමට නියමිත ස්ථානය ඉදිරිපිටට පැමිණ ඇත.
එක් මංතීරුවක් වසා ගනිමින් විරෝධතාව පැවැත්වූ පිරිස පැයකට පමණ පසු මාර්ගය සම්පූර්ණයෙන් ම ආවරණය කරමින් විරෝධය පැවැත්වූහ. මේ නිසා පානදුර රත්නපුර මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල විය.
මෙම මත්පැන්හල බණ්ඩාරගමින් ඉවතට ගෙනයන ලෙස ඉල්ලා සිටින බව මෙම විරෝධයේ දී අදහස් දැක්වූ කෝට්ටේ කල්‍යාණි සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක බණ්ඩාරගම කිඳෙල්පිටිය සීමා චේතියාරාම විහාරාධිපති මකුරුප්පේ සෝමාලංකාර හිමියෝ පැවසූහ.
‘‘සුරා බදු කොමසාරිස් ඇතුළු අපි හැම දෙනාටම කියා සිටින්නේ ඓතිහාසික රයිගම්පුරයේ මහමෙත් පුරවරය ලෙස විරුදාවලියලත් බණ්ඩාරගමට සුරා සලක් අවශ්‍ය නැති බවයි. මෙතෙක් කලක් බණ්ඩාරගමට සැර මත්පැන් හලක් තිබුණේ නෑ. මේ මත්පැන්හල ඉවත් කරන තෙක් ඊට එරෙහිව අපි දිගින් දිගටම විරෝධතා දක්වනවා.’’ යැයි ද අනුනාහිමියෝ කීහ.










