කොළඹ කොටුව ප්‍රදේශයේ තරුපහේ හෝටලයේ දින 18ක් නවාතැන්ගෙන රුපියල් 527,820ක මුදලක් නොගෙවා පලාගිය හිමිනමක් මහියංගනයේ විහාරස්ථානයක රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ හිමිනම පසුගිය අගෝස්තු මස 31 වැනිදා තරුපහේ හෝටලයට පැමිණ එහි නවාතැන් ගැනීමට අවශ්‍ය බව පවසා දින 18ක කාලයක් රැ`දී සිට තිබෙනවා.
අනතුරුව හදිසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළුත් වී ඇති අතර උන්වහන්සේ හෝටලයට දන්වා ඇත්තේ තමන් අදාළ මුදල ගෙවන බවටයි.
එහෙත් උන්වහන්සේ ප්‍රතිකාර ලබා, හෝටලයේ බිල නොගෙවා නැවත සිය විහාරස්ථානය වෙත පැමිණීම හේතුවෙන් අදාළ හෝටලයේ පාලන අධිකාරිය සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
hirunews