පසුගිය මැයි 09 වනදා කිසියම් පිරිසක් විසින් කඩාදැමූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වන ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුව නැවත ප්‍රතිසංස්කරණය කර තිබේ.
ඒ අනුව එම පිළිරුව තංගල්ල නගරයේ යළි ස්ථාපිත කිරීම අද (03) සිදු කෙරුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ,
“මේ පිළිරුව පෙරළන්න එදා සංවිධානාත්ම පිරිසක් ආවා. ඒ අයට නීතිය හමුවේ දඬුවම් දියයුතුයි කියලා අපි දැඩිව විශ්වාස කරනවා.”










