සෝවියට් සංගමයේ හිටපු නායක මිහයිල් ගොර්බචොව් මහතාගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය බලවත් සංවේගය පළ කර ඇත.
රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් මහතා වෙත විශේෂ ශෝක පණිවුඩයක් යොමු කරමින් රනිල් වික්රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ මිහයිල් ගොර්බචොව් මහතාගේ අභාවය සැලවීමෙන් තමන් බලවත් කණගාටුවට පත් වූ බවයි.
ලෝක සබඳතාවන්හි නව යුගයක් සඳහා මං විවර කිරීමට මෙන්ම ලෝක ඉතිහාසය වෙනස් කිරීමට අනෙකුත් ජාතීන් සමග ක්රමයෙන් ඉදිරියට රැගෙන එනු ලැබූ හවුල්කාරීත්වය වෙනුවෙන් කැප වූ අග්රගණ්යය ලෝක නායකයෙකු ලෙස, මිහයිල් ගොර්බචොව් මහතා සිහිපත් කළ හැකි බව රනිල් වික්රමසිංහ මහතා සඳහන් කර ඇත.
ශෝකයට පත් ගොර්බචොව් පවුල සහ රුසියානු ජනතාව සමග ශ්රී ලංකා රජය සහ ජනතාව ද මෙම අවස්ථාවේ අත්වැල් බැඳගෙන සිටින බව වික්රමසිංහ මහතා සිය ශෝක පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.