අල්ලස් කොමිසම විසින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත දේශපාලනඥයින් 40 දෙනෙකුගේ ලැයිස්තුවක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ (NFF) නායක විමල් වීරවංශ පවසනවා.Sri Lanka Latest News
හිරු ටී. වී. ඔස්සේ විකාශය වූ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ, එම ලැයිස්තුවේ රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ රජයන්හි දේශපාලනඥයින්ගේ නම් අඩංගු බවයි.
එමෙන්ම, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරයා ලැයිස්තුව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයටද පැමිණෙන බවයි එහිදී ඔහු සඳහන් කළේ.
තවද, මෙම ලැයිස්තුව පසුගියදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලින් පසුව සකස් කරන ලද්දක් බවදත්, ඔහු එහිදී අනාවරණය කළා.
එමෙන්ම, තමාවද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයට අදාළ කාරණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.










