ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මන් මාධ්‍ය ආයතනයක් වෙත ලබාදුන් සාකච්ඡාවක දී පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධව රදගුරු මණ්ඩලයම අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. ඊට ශ්‍රී ලංකා කතෝලික රදගුරු මඩුල්ල ලෙස රදගුරු හිමිවරුන් 12 දෙනෙකු සහ සහයක රදගුරු හිමිවරුන් දෙදෙනාත් සමඟ 14 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.Sri Lanka Latest News
මේ එම සම්පූර්ණ ලිපිය යි,
“අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
අතිගරු ජනාධිපතිතුමනි,
ඔබතුමන් මෑතක දී ‘ඩොයිස වෙල්’ රූපවාහිනී නාලිකාවේ මාර්ටින් ගැක් මහත්මා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාව වෙත අපගේ අවධානය යොමු වී ඇත. කතෝලික සහාව සමඟ ඔබතුමන්ගේ ගනුදෙනු සිදුවන්නේ කතෝලික රදගුරු සමුළුව සමඟ මිස කාදිනල් හිමිපාණන් සමඟ නොවන බව එම සාකච්ඡාවේ දී ඔබතුමන් දිගින් දිගටම අවධාරණය කළේය.
කාදිනල් හිමිපාණන්, කොළඹ අගරදගරු හිමිපාණන් ලෙස හුදකලා වු අයකු නොව, ශ්‍රී ලංකා කතෝලක රදගුරු සමුළුව හා සමඟ පූර්ණ ලෙස බැඳුණු සහ වඩාත්ම වැදගත් සාමාජිකයකු බව මෙහි ලා සඳහන් කළ යුතුය. එහෙයින්, ඔබතුමන් කාදිනල් හිමිපාණන් පිළිබඳව ඒකීයව කරනු ලබත ඕනෑම සඳහනක් ‘කතෝලික රදගුරු සමුළුවේ සාමුහිකත්වයට සිදුකරන හානියකි.
කතෝලික රදගුරු සමුළුව සමන්විත වන්නේ රදගුරු පදවි දොළහේ රදගුරු හිමිවරුන්ගෙන් සහ රදගුරු සහායක රදගුරු හිමිවරුන් තිදෙනාගෙනි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සහා වාර්තාවේ සියලු වෙලුම් කතෝලික රදගුරු සමුළුව වෙත ලබාදීම පිළිබඳව අපි ඔබතුමන්ට ස්තූති වත්ත වෙමු.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI), බ්‍රිතාන්‍යය පොලීසිය, ඕස්ටේලියානු, ඉන්දියානු, චීන සහ පකිස්ථාන රහස් පරීක්ෂක කණ්ඩායම් එම ප්‍රහාරය පිළිබඳ වාර්තා ලබා දී ඇති බව ඔබතුමා එම සම්මුඛ සාකච්ඡාවේ ඳී වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම කරුණ, කතෝලික රදගුරු සමුළුවේ මෙන් ම පොදු ජනතාවගේ ද අවධානයට යොමු කර ඇත්තේ ප්‍රථම වතාවට ය.
මෙම තත්ත්වය තුළ ඉහත සදහන් වාර්තාවන් හි පිටපත් ද ඔබතුමා අප හා සමඟ බෙදාගන්නේ නම් අපි එය අගය කොට සලකමු.
අති උතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමි,
සභාපති, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව, කුරුණෑගල රදගුරු හිමි.
අති උතුම් නොයෙල් ක්‍රිස්ටියන් එම්මානුවෙල් හිමි,
උප සභාපති, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව, ත්‍රිකුණාමලය රදගුරු හිමි.
අති උතුම් ජේ.ඩී.ඇන්තනී ජයකොඩි හිමි,
මහ ලේකම්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව, කොළඹ සහයක රදගුරු හිමි.
අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමි,
කොළඹ, රදගුරු හිමි.
අති උතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස්,
මහනුවර රදගුරු හිමි,
හලාවත අපෝස්තලික පරිපාලක රදගුරු හිමි.
අති උතුම් නෝබට් එම්. අන්ද්‍රාදි නි.ම.නි. හිමි,
අනුරාධපුර රදගුරු හිමි.
අති උතුම් ක්ලීටස් සී. පෙරේරා හිමි,
සා.බෙ.නි. හිමි, රත්නපුර රදගුරු හිමි,
අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමි,
මන්නාරම් රදගුරු හිමි.
අති උතුම් රේමන්ඩ් කේ, වික්‍රමසිංහ හිමි,
ගාල්ල රදගුරු හිමි.
අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමි,
යාපනය රදගුරු හිමි.
අති උතුම් ජෝශප් පොන්නයියා හිමි,
මඩකලපුව රදගුරු හිමි.
අති උතුම් ජූඩ් නිශාන්ත සිල්වා හිමි,
බදුල්ල රදගුරු හිමි.
අති උතුම් පී. ඇන්ටන් රංජිත් හිමි,
කොළඹ සහයක රදගුරු හිමි.
අති උතුම් මක්ස්වල් ජී. සිල්වා හිමි,
කොළඹ සහයක රදගුරු හිමි”.










