පිඹුරෙකුට ගොදුරු වීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. (Sri Lanka Latest News)
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවන්නේ ඉන්දුනීසියාවෙනි.
ඉන්දුනීසියාවේ South Sulawesi පළාතෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවූ සිව්රු මවකි.
එම කාන්තාව මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව ඇති අතර ගම්වාසීන් එක්ව ඇයව සෙවීමට මෙහෙයුමක් ආරම්භ කර ඇත.
එහිදී දැවැන්ත උදරයක් සහිත පිඹුරෙකු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරුව පිඹුරාගේ උදරය තුළින් මියගොස් සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති බව එම වාර්තා සඳහන් කරයි.
මෙවැනි සිදුවීම් කිහිපයක් පසුගිය වසර කිහිපය පුරා ඉන්දුනීසියාවෙන් වාර්තාවිය.
එම අවස්ථාවේ දර්ශන පෙළක් පහතින්.
adaderana









