අද (17) අලුයම් කාලයේ මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News
වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි.
ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.










