• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් සන්ධානයක් ගැන ඉඟියක්! සජිත් අනුර වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටී! (VIDEO)

December 25, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
අලුත් සන්ධානයක් ගැන ඉඟියක්! සජිත් අනුර වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හිටිගමන් පාර්ලිමේන්තු සැසිවාරය කල් තබා ඇති බවත් ඒ පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය මුදල් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා සීනි බදු වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් සිටි බවත්, ම කටයුතු අකර්මණ්‍ය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසානය සිදු කළ බවත්ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන සසුනට අරුණ වැඩසටහන යටතේ,ලක්ෂ 25ක වියදමක් දරා  අරවනමුල්ල ශ්‍රී සෝමාලෝක විහාරස්ථානයේ  ඉදිකරනු ලැබූ දහම් පාසැල් ගොඩනැගිල්ල විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15)  විවෘත කරනු ලැබීය. බැරගම ශ්‍රී ඤාණවිමල පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී පුජ්‍ය පොලොම්මාරුවේ විමලදස්සී නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම ප්‍රකාරව මෙම ගොඩනැගිල්ල ඉදි කරනු ලැබීය.

පසුගිය වකවානුවේ සිදුවූ සීනි වංචාව පිලිබදව සිහිපත් කළ විපක්ෂ නායකතුමා, පාර්ලිමේන්තුව කල් තැබීම පිටුපස එම වංචාවේ තොරතුරු හෙලිදරව් වීම වැලැක්වීමේ තැතක් ඇති බව පැවසීය.

සීනි වංචාව හරහා රජයේ බදු ආදායමට මහා හානියක් වූ අතර එය රුපියල් බිලියන 15.9 ක් මුදලක් බව විපක්ෂ නායකතුමා පැවසීය. මෙතරම් මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට අහිමි කිරීමක් සිදුවු වංචාව සීනි බදු වංචාව බවද විපක්ෂ නායකතුමා පැවසීය.

මිත්‍ර වරුනි, අපිට අහන්න ලැබුණා හිටිහැටියේම පාර්ලිමේන්තු සැසිවාරය කල් දාලයි කියලා. මොකක්ද මේ පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමත් සමඟ සිදුවුණේ?

පාර්ලිමේන්තුවේ පත්කරන ඉතාමත්ම වටිනා වැදගත් කමිටු රාශියක් තාවකාලිකව අහෝසි වෙනවා.එතකොට ඒ කමිටු හරහා කරගෙන ගිය විවිධ ක්‍රියාදාමයන් ආපහු මුල ඉදන් පටන් ගන්න සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුව කල් දැමීම තුළ අහෝසි වුණු එක වැදගත් කමිටුවක් හරහා සිදුවන ක්‍රියාදාමය ගැන විග්‍රහ කරන්න.

රාජ්‍ය මුදල් කමිටුව. එහි සභාපතිවරයා සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් නෙවෙයි. පොහොට්ටුවෙන් ම පත් වුණු අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යතුමා. මොකක්ද මේ රාජ්‍ය මුදල් කමිටුවෙන් පහුගිය දිනවල කරපු ක්‍රියාදාමය.

ඒ අය පරික්ෂා කරමින් සිටියා සීනි බදු වංචාව පිළිබඳව. 2020 වසරේ ඔක්තෝබර් මාසයේ ආණ්ඩුව තීරණය කළා ඒ කාලයේ සීනි කිලෝව තිබුන එකසිය තිහක් විතර, සීනි මිල වැඩි ,සීනි මිල අඩු කරන්නට ඕනේ. ගැසට් එකක් ගැහුවා සීනි විකුණන්න පුළුවන් රුපියල් 85 ටයි කියලා.එහෙම කියලා සීනි බද්ද රුපියල් පනහේ ඉඳලා සත 25 දක්වා අඩු කරා. අඩුකෙරේ සීනි මිල අඩු කරන්න. සීනි ආනයනකරුවන් කිව්වා ඒ කියන ගානට දෙන්න බැහැ . ඊට පස්සේ ඔක්තෝබර් මාසේ අගභාගයේ ආපහු බද්ද වැඩි කළා 40ට. හැබැයි වෙළඳ භාණ්ඩ සේවා බද්ද එහෙම වැඩි කරාම එක ක්‍රියාත්මක වෙන්නේ මසකට පසුව. ඔක්තෝම්බර් 13 ත් නොවැම්බර් 13 අතර සීනි ජාවාරම්කරුවන්ට අවස්ථාව ලැබුණාම ඒ විරාමය තුල සත විසිපහේ බද්දට උපරිම සීනි ටික ගෙනල්ලා තමන්ට තමන්ගේ ආයතනයට මහා විශාල පුද්ගලික ලාභයක් ලබා ගන්න.

රජයේ බදු ආදායමට මහා හානියක් කරලා. රුපියල් බිලියන 15.9 ක් මුදලක් . ඒක තමයි සඳහන් වෙන මුදල. මෙච්චර මුදල් ප්‍රමාණයක අලාභයක්, මෙච්චර මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට අහිමි කිරීමක් සිදුවුණා. මේක තමයි සීනි බදු වංචාව. හරි නම් ඒ ගහන බස්සන්න ඕනි ආනයන කරුවන්ගෙන් දේශීය ආනයන කරුවන් එක්ක සාකච්ඡා කරලා සම්මුතියකට ඇවිල්ලා. මෙතැනදී වෙලා තියෙන්නේ මාසෙක නිවාඩුවක් විරාමයක් ලබා දෙන සීනි බදු වංචා කාරයින්ට අධික ලාභයක් ලබා ගන්න. එක ආනයනකරුවෙක් මෙය ඔක්තෝබර් 13ත් නොවැම්බර් 13ත් අතර නිරීක්ෂකයෝ ප්‍රකාශ කරනවා සත විසිපහේ බද්දට මෙට්‍රික් ටොන් ලක්ෂයක් සීනි ගෙනාවා කියලා.
ඒ සමාගම විතරක් කෝටි දාහක ලාභයක් ලැබුවා කියලා විශේෂඥයින් ඇස්තමේන්තු කරා. සත විසිපහේ බද්දට අධික ලාභයක් ලබාගෙන සීනි ආනයනය කරපු ආයතන සතොසට දුන්න සීනි 125 ටත් 127ත්. ආරංචි මාර්ග සඳහන් වෙනවා මේ 125 ට 124 ගත්ත සීනි ජනතාවට දෙනවා 85 ට. සතොස ට අලාබයි. රටට අලාබයි. ජනතාවට අලාබයි. බදු ගෙවන්නන්ට අලාබයි. අධික ලාභය සීනි ජාවාරම්කරුවන්ට. මේ සීනි බදු වංචාව පිළිබඳ පිළිබඳව වෝහාරික විගණනයක් ක්‍රියාත්මක වුණා.

ඒ විගණන වාර්තා විගණකාධිපතිටත් ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයටත් ගිහිල්ලා නිරීක්ෂණ අරගෙන. දැන් ඇවිල්ලා තියෙනවා කෝපා කමිටුව. පාර්ලිමේන්තු සැසිවාරය කල් දමපු නිසා සීනි බදු වංචාවේ වාර්තාව සභාගත කරන්න බෑ. පරීක්ෂණ කරන්නට යෙදුණු කමිටු, කෝප් කමිටුව, කෝපා කමිටුව ඒ වගේම රාජ්‍ය මුදල් කමිටුව, අහෝසි වෙනවා. ඒවායේ සභාපතිවරු දොට්ට යනවා. ජනවාරි මාසේ ආපහු සාමාජිකයෝ පත් කරලා, ආපහු සභාපතිවරයෝ පත් කරලා මේ පරීක්ෂණ කරගෙන යනකොට, මේ මගඩි ටික යටගහන්න අවස්ථාව එනවා.

පාර්ලිමේන්තු සැසිවාරය කල් දැම්මත් අපි ඉල්ලීමක් කරනවා කරගෙන ගිය වාර්තා සියල්ලක්ම ඒ ආකාරයෙන්ම සභාව ගත කරන්නට ඉඩ දෙන්න. මේ සංයුතිය ම පවත්වාගෙන ගියොත් වෝහාරික ගිණුම් වාර්තා සියල්ලක්ම සභාගත කරන්න අවස්ථාව ලබා දුන්නොත් කරගෙන ආපු පරීක්ෂණ සියල්ලක්ම එලෙසම ඉදිරියට ගෙන ගෙන යන්නට පොදු එකඟතාවයක් නිර්මාණය කර තර කරගෙන ගිය පරීක්ෂණ ටික ඒ ආකාරයෙන්ම නීත්‍යානුකූලව විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවයි කියලා. රටේ ජනතාව මෙච්චර ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ කතා කරනකොට ආණ්ඩුවට තියෙන එකම පිළිතුර චරිත ඝාතනයයි. පරුෂ වචනයෙන් බැන වදින කොට දරුවන්ට කිරි පිටි ටික ලැබෙනවද? ගෑස් පිපිරෙන එක නතර වෙනවද ? නැනෝ පොහොරත් පිපිරෙනවා. ඒ පොහොර ගෑවුනොත් පලු දානවා. අපිට පුළුවන් මේ රට ගොඩගන්න. ජනතාව වහල් භාවයෙන් කටයුතු කළොත් ඔවුන් බලාපොරොත්තුවන සමෘද්ධිය, සංවර්ධනය උදා කරන්න බෑ. වහල් භාවයෙන් කටයුතු කළොත් පාලකයන්ගේ සමෘද්ධිය සෞභාග්‍ය උදා වෙයි.

දල වශයෙන් ගත්තොත් ලක්ෂ විස්සක් අපේ රටේ ගොවි පවුල් ඉන්නවා. ජනාධිපතිවරණයේ ලක්ෂ හැට නමයයි. මහමැතිවරණයේ ලක්ෂ හැට අටයි. දැවැන්ත ජනවරමක්. ඒක ලබා දුන්නේ නොමිලේ පොහොර ටික ලබා දෙන්න. දශක හයක් මේ රටේ ක්‍රියාත්මක වුණුසහනාධාර පොහොර ක්‍රමය නැති කරා. එකපාරටම තීන්දුවක් ගත්තා රසායනික පොහොර බෑ අපි කාබනික පොහොරවලට යොමුවෙන්නට ඕනි කියලා. ගොවි උද්ඝෝෂණ නිර්මාණය වුණා. මේ වගේ ගැසට් රිවස් කරන ආණ්ඩුවක් තියෙනතාක් කල් කිසිම පෞද්ගලික ආයතනයක් තමන්ගේ මුදල් කැපකරලා පොහොර ගෙන්නයි ද කියන එක බරපතළ ප්‍රශ්නයක්. යූරියා මෙට්‍රික් ටොන් එකක මිල තිබුනේ ඇමරිකානු ඩොලර් රුපියල් තුන්සිය අනු හතරයි. දැන් ඒක දාහ වෙලා. එතකොට කිලෝ පනහේ මිටිය මිල රුපියල් 12,000 ක් 13000 ක් අතර වෙනවා.

මේක ආත්මාර්ථකාමී ජනතා විරෝධී ව ගත්ත තීන්දුවක්. මේ රටේ ඩොලර් සංචිතය පහල වැටෙනකොට ඒකෙ බලපෑම අපේ රටේ ජනතාවට . බෙහෙත් එක ගන්න බැරිවෙනකොට, ආහාර ටික ගෙන්නන්න බැරි වෙනකොට, තෙල් ටික ගෙන්නන්න බැරි වෙනකොට ජන ජීවිතය විනාශ වෙනවා. ඒ නිසා හැම රටකටම අපි කියන්නේ සිටින්නේ උපරිම උදව් එක ලබා දෙන්න අපේ රටට කියලා. අපි ළඟ කුහක දේශපාලනයක් නැහැ. ලබන අවුරුද්ද දිහා බලනකොට අපි දන්නා ආකාරයටඩොලර් බිලියන 6 කට වැඩිය අපි ගෙවන්න තියෙනවා. මේ රටේ ජනතාවට වැරදුනා. අසීමිත වරමක් දීලා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක හයියක් දීලා අද මුළු ජන සමාජයම විනාශ කළ තැනට යොමු වෙලා.

සමගි ජන බලවේගය කිසිම දාක ජනතාව දුකට පත් කරන රට අකර්මණ්‍ය කළ රට විනාස කරලාආණ්ඩු බලය ලබා ගැනීමට අපි සූදානම් නෑ. ඒ නිසයි අපි කියන්නේ පුළුවන් උපරිම විදේශ ආධාර ටික ලබා දෙන්න කියලා. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අර සුපුරුදු වහල් භාවයෙන් ඉවත්වෙලා, ඇස් ඇරලා බලන්න ඇස් ඉදිරිපිට සිදුවෙන දේ. ගෑස් පිපිරීම, පොහොර පිපිරීම, කිරිපිටි පෝලිම්, තෙල් පෝලිම්, භූමිතෙල් පෝලිම්, සීනි පෝලිම, හාල් පෝලිම, සීනි වංචා, එක්ස්ප්‍රස් පර්ල් විනාශය, දුටු දුටු තැන විනාශ . කඩාවැටීම්.

මේ විදියට තවදුරටත් යනවද නැද්ද කියන එක ඔබලාම ගත යුතු තීරණයක්. නිවැරදි තීන්දුව ගන්නකොට සමගි ජන බලවේගය සූදානම් වගකීම අතට අරගෙන වගකීමෙන් විනිවිදභාවයෙන් යුක්තව ඉතාමත්ම වියත් ආකාරයට කණ්ඩායම් එකතු කරගෙන මේ රට රටේ පොදු ජනතාවට සෞභාග්‍ය උදා උදාකරන රටක් බවට පත් කරන්නට සමගි ජන බලවේගය ආණ්ඩුවක් සූදානම් බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා .

SendShareShare
Previous Post

ලිප පත්තු කරන්නේ බලාගෙන! පැය 24ට ගෑස් පිපිරීම් 25ක්!

Next Post

සමුගෙන ගිහින් පෙර මතකෙක ලකුණු තියා…
තිබුණලු තාත්තා මේ ගැන පුතුට කියා…
ඉස්සර දිලිප්ලව හමුවුණු දවස හොයා…
එල්මෝ එක්ක තව පාරක් ඇවිද ගියා…

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.