ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව, සහකාර පොලිස් අධිකාරිවරු 11 දෙනකුට පොලිස් අධිකාරී තනතුරු ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.Sri Lanka Latest News
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත මෙම උසස්වීම් ලබාදී ඇති අතර, යෝජිත පත්වීම් ලබන 2026 ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන බවද පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ මධ්‍යම කොට්ඨාසය, මහනුවර කොට්ඨාසය, නුගේගොඩ කොට්ඨාසය යන අංශවලට මෙම උසස්වීම් ලබාදී තිබේ.
නන්දන ශ්‍රී දොරකුඹුර










