මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ.Sri Lanka Latest News
මිය ගිය කාන්තාව 35 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වන අතර, මිය ගිය දරුවන් තිදෙනා පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් ගැහැණු දරුවක් බව සඳහන්ය.
මිය දරුවන් වයස අවුරුදු 07, 09 සහ 10 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.
අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි.
ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.
දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.










