කොළඹ දිස්ත්‍රික් සමගි සන්ධාන අපේක්ෂක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සහාය පළ කිරීමට රජයේ හා අර්ධ රාජ්‍යය පෞද්ගලික අංශයේ වෘත්තිය සමති රැසක් එකඟ වී ඇත.Sri Lanka Latest News
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂකයින් අතරින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරී නියෝජනය කරමින් ඉදිරිපත් වන එකම අපේක්ෂකයා වන්නේද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාය.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රවාහන, විදුලි බල ,ගුරු, සෞඛ්‍ය, කළමනාකරන සේවා ඇතුළු වෘත්තිය සමිති රැසක සහාය ඒ මහතාට පළ කිරීමට අදාළ වෘත්තිය සමිති සාමාජිකයෝ තීරණය කොට ඇත.









