ඩ්‍රෝන යානා තාක්ෂණය මඟින් සොයාගන්නා ලද ඉතා සූක්ෂ්මව හා මහා පරිමාණයෙන් වගා කර තිබූ ගංජා වගාවක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (21) කුඩාඔය පොලිස් වසමේ කිවුලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත කුඩාඔය පොලිස් වසමේ කිවුලපිටිය ප්‍රදේශයේදී වැටලීම් සිදුකර ඇත. නවීන ඩ්‍රෝන යානා තාක්ෂණය යොදා ගනිමින් විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඉතා සූක්ෂම ලෙස අක්කර 01 ½ ක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද උස අඩි 06 ප්‍රමාණයෙන් යුත් ගංජා ගස් 35,000ක් සහිත වගාවක් සිදුකර ඇති බව යැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. ඒ අනුව සිදුකළ වැටලීමේදී ගංජා හේන සහ ඒවා වැවීම සම්බන්ධයෙන් ඌව කුඩා ඔය, හල්මිල්ලගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සහ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් 10ක් කුඩාඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඉතිරි ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කළ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
විශේෂ කාර්ය බළකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි අශෝක මහතාගේ මඟ පෙන්වීමෙන් බුත්තල කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ටී. එම්. සී. ජනිත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
gossiplankanews










