• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැස්සට හේදුණු සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්තරවල ඇත්ත හොයාගෙන මව්රට රහසිගත මෙහෙයුමක…

June 6, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වැස්සට හේදුණු සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්තරවල ඇත්ත හොයාගෙන මව්රට රහසිගත මෙහෙයුමක…
Share on WhatsAppShare on Facebook

■ වහළෙන් තෙමුණෙ නෑ
■ හිරිකඩ ආවෙ හුළඟට
■ අලුත් කොළ දුන්නා
■ ශාලාව මාරු කළා
■ දහය වසරෙ පන්තිය

සාමාන්‍ය පෙළ විභාගය අවසන් විය. ඒ තවත් වරක් සමස්තය අසමත් කරමින්ය. විභාග ක්‍රමය රටට ආඩම්බරක් වී තිබූ රටක අසමත් වීම දිගින් දිගටම ඉවසා හිඳීමම සමස්තයක් ලෙස අධ්‍යාපනයේ අභාග්‍යයකි. අධ්‍යාපනය අභාග්‍යයක් වීම රටකට ඉතා ඉක්මනින් දරා සිටින්නට සිදුවනු ඇත.

මේ ලියන්නට යන්නේ අලුත්ම සිදුවීම ගැන බව මේ වෙනකොටත් ඔබ දන්නේය. ඒ පහුගිය දිනෙක සමාජ ජාලවල දකින්නට ලැබුණ ප්‍රකට පින්තූර කීපය සහ එහි අතුරු කතාවයි. ඒ සම්බන්ධව විවිධ කයි කතන්දර සමාජගතව ඇති යුගයක මෙවැන්නක් ලිවීම සීරු මාරුවෙන් කළ යුත්තකි. මක්නිසාද යත් මෙය අද වන විට රට තුළ බරපතළ සංවේදී කාරණයක් නිසාය.

මේ පිළිබඳව අප එදා මේ විභාග ශාලාවේම විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ප්‍රශ්න කළ අතර නම්ගම් හෙළි කිරීමකින් තොරව මේ කතන්දරය ඔබට කියන්නේ බොහෝ දේ අප දන්නවාට වඩා වෙනස් විය හැකි බව දැනුම් දෙන්නටය. සැබෑය. එය ඇතැම් සමාජ ජාල වාර්තා කළ පරිදි රත්නපුරේ පැත්තේ දුෂ්කර පාසලක සිදුවීමක් නොවේ. මේ ගම්පහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයයි. ගම්පහ තක්ෂිලාව ගම්පහ ඇති ප්‍රධානතම පාසලකි. මෙය පහසුකම්වලින් අනූන පාසලකි. ඒ ගැන තර්කයක් නැත. මේ පාසලේ සුපුරුදු පරිදි විභාග කටයුතු සිදුව ඇති අතර මේ සිදුවීම වෙන්නේ සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයයන් තිබුණු දිනයේය. මේ කියන ශාලාවේ තිබුණාය කියන්නේ සංගීත විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයයි. එදා වැස්සට හසුවෙන්නේ මේ සිසුන් පිරිසය.

අප සමග තොරතුරු කී දරුවා පවසන පරිදි, මේ ශාලාවේත් සිසුන් කීප දෙනෙක්ට මේ ප්‍රශ්නයට බරපතළ ලෙස මුහුණ දෙන්නට සිදුවී ඇති අතර ශාලාවේ පිටත දැල්වලට ආසන්නව හිඳ සිටි සිසුන්ට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවී තිබේ. නමුත් ක්‍රමයෙන් ඈතට වෙන්නට සිටි සිසුන්ට වැස්සේ හානිය මේ තරම්ම බලපා නැත. මේ පින්තූරයට අනුව සිදුවීම සීයට සීයක්ම සත්‍යයකි. අපට එය සාධාරණීකරණය කිරීමේ කිසිම වුවමනාවක් නැත. නමුත් සත්‍ය පමණක් සමාජගත විය යුතු බව අපේද අදහසයි. ඒ හේතුවෙන් මේ පිළිබඳ මෙසේ සටහන් තබන්නෙමු.

මෙය දැනගන්නට ඇති පරිදි පාසලේ දහය වසර පන්ති පැවැත්වෙන ස්ථානයයි. එය තෙමහල් ගොඩනැගිල්ලකි. තෙමහල් ශාලාවක උඩුමහල වූ මෙම ගොඩනැගිල්ල සාමාන්‍යයෙන් විශාල වර්ෂාවකට තෙමෙන මට්ටමේ එකකි. අදාළ සිසුන් පවසන පරිදි මේ තත්ත්වය පැවත ඇත්තේ ද විනාඩි කීපයකි. ඒ වැස්ස සමග ආ දැඩි සුළං තත්ත්වය නිසාය. මේත් සමග වහාම අදාළ ගුරු මහත්ම මහත්මීන් ක්‍රියාත්මක වී තිබේ. අදාළ දරුවන් පවසන පරිදි වහාම ඔවුන්ට අලුත් කඩදාසි කට්‍ටල ලබාදීමටද ගුරුවරු පියවර ගෙන ඇති අතර, මේ විභාග ශාලාව මාරු කිරීමට ද කටයුතු යොදා ඇත. අප මේ කියන්නේ අරයාගෙන් මෙයාගෙන් අසාගත් ඒවා නොව අදාළ විභාග ශාලාවේ දරුවන්ම අප සමග කී ඒවාය. ඒ නිසාම සමාජ මාධ්‍යවල යන කතන්දරයට වඩා මෙය වෙනස් විය හැක. මේ සිසුන්ට අනුව ඊළඟ දිනයේ වහාම වෙනත් ශාලාවක් ලබාදීමටද කටයුතු කර ඇති අතර ඉන් පසු මේ තත්ත්වය උද්ගතවී නැත. පහුගිය දිනක විභාග කොමසාරිස්වරයා මේ ගැන නිවැරදි පැහැදිලි කිරීමක් කළේ නැත. ඔහු කීවේ මේ තත්ත්වයට ශාලාධිපතිවරයා වගකිව යුතු බවකි. නමුත් එය අසත්‍යයක්ම නොවේ. මෙහි වගකීම දැරිය යුත්තේ ඔහුය. අදාළ පියවරගත යුත්තේද ඔහු හෝ ඇයමය. කොමසාරිස්වරයා මේ කියන කතාව ඇත්තය. නමුත් විභාග ශාලාවේ වූ සැබෑ සිදුවීම ඔහු දන්නේ නැත. සාමාන්‍යයෙන් ලංකාවේ හුඟක් අය ඇඟ බේරාගැනීමේ කලාවේ ඔස්තාර්ලා නිසා සත්‍යය අදාළ නැත. මේ දරුවන් කියනා කතාව කිසිසේත්ම අසත්‍ය විය නොහැක. එහෙම නම් මේ බර ශාලාධිපතිවරයාගේ කරමත තබා පැනගැනීමේ වුවමනාව කාගේද? කොහොම නමුත් තර්කය නිවැරදිය. නෙලුම් කුලුනු, බොරු රැස්වීම් ශාලා විගඩම්වලට අපේ තුට්ටු දෙක වියදම් කළ එකට උන්ට ශාප විය යුතුය. රටේ දරුවෝ දහස් ගණනක් පීඩා විඳිමින් හිඳී. නමුත් මේ කතාව ඕකය.

මේ ශාලාවේ බිත්ති අතරින් කොහොමත් හිරිකඩ එන බව කලින් තක්ෂිලාවේ හිටි අයද අපට කීවේය. ඒ නිසා මේ තත්ත්වය සාමාන්‍ය දෙයකි. එහෙම නම් ඊට සූදානම් වී හිටියා නම් හොඳ බව ඇත්‍තකි. විභාගය යනු සෙල්ලමක් නොවනා බව සියලු බලධාරීන් දැන සිටිය යුතුය. නමුත් කුමන තත්ත්වයකදී වුව හදිසි දේ සිදුවිය හැක. මේ දවස්වල විභාගයට දින දමා ගැනීමම අර්බුදයක් විය හැකිව තිබුණේය. මීට පෙර වසර කීපයකම මැයි මස අග ගංගා පිටාර ගලා රට පුරාම ගංවතුර තත්ත්වයන් ඇතිවිය. වාසනාවකට මේ අවුරුද්දේ ගං වතුර ආවේ දවස් කීපයක් පසු වීය. ඒ නිසාම මේ ප්‍රශ්නය මේ මට්ටමෙන් අවසන්ව ගියේය.

තක්ෂිලාවේ සිදුවූ මේ සත්‍යම කතාව මේකය. මෙය සිසුන් සමග කතා බස් කොට සකස් කරන ලද ලිපියකි. අපට මේ කිසිවෙක් සුද්ද කරන්නට වුවමනාවක් නැත. නමුත් රැල්ලට යනු වෙනුවට සත්‍ය සොයා යාම ඔබේත් මගේත් වගකීමකි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සමාජ මාධ්‍ය මර්දනය කරන්න බදු ගහලා! මේ හදන්නේ ‘ගෝඨා ගෝ හෝම්’, ‘රූකඩ අගමැති ගෝ හෝම්’ අරගලය විනාශ කරන්නයි! (VIDEO)

Next Post

අදත් එකෙක්ට වෙඩි තියලා මරලා! මේ දවස් ටිකට 6 වැනි ඝාතනය! කවුරුවත් තවම අල්ලලාවත් නෑ!

MORE NEWS

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්!  I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්!  I Sri Lanka Latest News

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක...

Read more
සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.