විදෙස් රටවලින් ශ්‍රී ලංකාවට ආධාර ලෙස නොමිලේ ලැබෙන ඖෂධ මෙරටට ගෙන්වා ගැනීමටවත් නිවැරැදි ක්‍රමවේදයක් නොමැති බවට සමස්ත ලංකා මැදපෙරදිග සේවා සංගමය චෝදනා කරනවා
එම සංගමයේ භාණ්ඩාගාරික ඉන්දික ජයවර්ධන මහතා ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අත්‍යාවශ්‍ය ඖෂධ පිරවූ කන්ටේනරයක් මෙරටට එවීම සඳහා ඇමෙරිකානු පුරවැසියන් පිරිසක් සූදානම් කර තිබූ බවයි.
එහෙත් එම කන්ටේනරය ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ කිසිදු මැදිහත් වීමක් නොකළ බවයි ඉන්දික ජයවර්ධන මහතා සඳහන් කළේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයට, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රමිත රඹුක්වැල්ල මහතාට දුරකතනයෙන් ඇමතුවද ඔවුන්ව සම්බන්ධ කරගත නොහැකි වූ බවත්, නොමිලේ ලැබෙන ඖෂධ ටික පවා ලබාගැනීමට බලධාරීන්ට කිසිදු වුවමනාවක් නොමැති බවටයි හෙතෙම චෝදනා කළේ.
එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.










