පිටකොටුව පොලිස් වසමේ හෙට්ටිවිදීයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලක තිබූ රුපියල් 275,000ක් වටිනා රන් මාලයක් සොරකම් කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටී.
පසුගිය 22 වනදා එම සොරකම සිදුව ඇති අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
ස්වර්ණාභරණ මිලට ගැනීමේ මුවාවෙන් අදාළ වෙළෙඳසැලට පැමිණි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු විසින් ඔවුන් සමඟ පැමිණි කුඩා දැරියක් යොදවාගෙන එම රන් මාලය සොරකම් කර ඇත.
එම සොරකම සිදුකරන ආකාරය වෙළෙඳසැලේ සවිකර තිබූ සී.සී.ටීවි කැමරාවල ද පටිගතව තිබුණි.
අදාළ සැකකරු හා සැකකාරියන් දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකථන අංක,
ස්ථානාධිපති පිටකොටුව 071-8591555
පිටකොටුව පොලිස් ස්ථානය 011-2320734










