හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබේ. Sri Lanka Latest News
උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි ආදායම් මාර්ග ඔස්සේ අති විශාල දේපළ ප්‍රමාණයක් අත්පත් කර ගැනීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනාවයි.
මේ දේපළ යටතට, කඩවතින් මිලදී ගන්නා ලද රුපියල් ලක්ෂ 139 ක වටිනාකමකින් යුතු ඉඩමක්, කොළඹ 7 න් මිලදී ගන්නා ලද රුපියල් ලක්ෂ 713 ක් වටිනා ඉඩමක්, මාලක වෙනුවෙන් මිලදී ගෙන තිබෙන රුපියල් ලක්ෂ 323 ක වටිනාකමකින් යුත-ු මර්සිඩීස් බෙන්ස් රථයක්, රුපියල් ලක්ෂ 55 ක් වටින තවත් මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ අසූ අටක් වටිනාකමකින් යුත-ු ඩිෆෙන්ඩර් රථයක් ඇතුළත් ය.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අදාල දේපළ මිලදී ගෙන ඇත්තේ 2010 මාර්තු 31 ත් 2012 මාර්තු 31 ත් අතර කාලයේ දී ය.










