රජය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති මිහින්තලේ රක්ෂිතයේ අක්කර 18ක පමණ භූමියක් ව්‍යාපාරිකයෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ව්‍යාජ බලපත්‍ර හතරක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. (Sri Lanka Latest News)
ඒ, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් කංචනා සෙනවිරත්න, අනුරාධපුර අඩවි වන නිලධාරි සුමිත් සුවාරිස් හට ලබාදුන් නියෝගයකට අනුවයි.
මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කළ බව කියන බලපත්‍ර හතරක් අදාළ ව්‍යාපාරිකයා විසින් ඉදිරිපත් කර ඇති බවයි අඩවි වන නිලධාරිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.
එමෙන්ම අදාළ බලපත්‍රවල නිත්‍යානුකූලභාවය පිළිබදව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිඛිතව විමසීමක් කළ බවද ඔහු පවසා තිබුණා.
කෙසේ වෙතත්, අදාළ ව්‍යාපාරිකයා විසින් ඉදිරිපත් කර ඇති අදාළ බලපත්‍ර සම්බන්ධයෙන් කිසිදු සටහනක් හෝ ලේඛණයක් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව නොමැති බවයි මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දන්වා ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ජූනි මස 26 වනදා කැඳවීමට නියමිතයි.
hirunews