යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේ නිවසක තනිවම විසූ කාන්තාවක් 27 දා කපා කොටා ඝාතනය කිරීමෙන් පසුව ඇගේ මළ සිරුර සොයාදී ඇත්තේ නිවසේ සුරතලයට ඇති දැඩි කළ බල්ලකු විසිනි. (Sri Lanka Latest News)
තම්බයියා සරෝජා නැමති 82 හැවිරිදි කාන්තාව එම නිවසේ තනිවම ජීවත් වී ඇති අතර, ඇගේ තනි නොතනියට සිට ඇත්තේ මෙම බල්ලා පමණකි.
කිසියම් පිරිසක් විසින් කුමන හෝ හේතුවක් මත වයෝවෘද්ධ කාන්තාවට පහර දී ඝාතනය කොට ඇති අතර, අළුයම් කාලයේදී බල්ලා නිවසේ සිට පාරක් දිගේ තවත් නිවසක් වෙත ගොස් එම කාන්තාවගේ ගවුම කටෙන් අල්ලා කාන්තාව නිවස දක්වාම කැඳවාගෙන පැමිණ තිබේ.
කාන්තාව නිවසට පැමිණි පසුව බල්ලා වයෝවෘද්ධ කාන්තාව මියගොස් සිටි ස්ථානයද බල්ලා විසින්ම කැඳවාගෙන පැමිණි කාන්තාවට පෙන්වා තිබේ.
එම කාන්තාව වහාම සිද්ධිය සම්බන්ධයෙන් මට්ටුවිල් ග්‍රාම නිලධාරිවරයා දැනුම්වත් කිරීමෙන් පසුව චාවාකච්චේරී පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට ඇත.
චාවකච්චේරී මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් පවත්වා කාන්තාව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කොට තිබේ.
මෙම නිවසේ මුදල් හා ස්වරණාභරණ කොල්ලකෑමකට හෝ වෙනයම් කාරණයක් සඳහා නිවසට පැමිණි පිරිසක් ඇයට පහර දී මරාදැමූ බවට සාක්කි ඇති නිසා සැකකරුවන් සෙවීම සදහා චාවකච්චේරී සහ කෝපායී පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
lankasara










