සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන 2) කාර්යාල කාමරයෙන් ඊයේ (25 වැනිදා) ලේ මාපිලකු හමුවී ඇත. Sri Lanka Latest News
එහි සේවකයන් එක්ව එම ලේ මාපිලා බෝතලයකට අල්ලා කාර්යාල කාමරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
අමාත්‍යාංශයේ දෙවන මහලේ අදාළ කාර්යාල කාමරය පිහිටා ඇති හෙයින් ලේ මාපිලකු එම කාර්යාලයට පැමිණියේ කෙසේද යන්න සිතාගත නොහැකි බව එහි සේවකයෝ පවසති.
මීට පෙර පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාල පරිශ්‍රයේ සිටියදී නයෙකුද අල්ලාගෙන තිබිණ.










