ජාතික ජනබලවේගය මේවනවිට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ව තෝරාගෙන අවසන් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.Sri Lanka Latest News
සමාජයේ පොදුවේ තමාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස මතයක් තිබෙන බවද හෙතෙම පැවසුයේ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමිනි.
ජාතික ජනබල වේගයට පක්ෂ කදවුර සහ විපක්ෂ කදවුර ලෙස මේවනවිට දේශපාලනයේ කදවුරු දෙකක් තිබෙන බවත් එම කදවුරෙන් අපේක්ෂයෝ කී දෙනෙක් පත්කළද ඒ සියල්ල එක කදවුරක් බවද හෙතෙම පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ වෙනස් ධාරාවේ කඳවුරක් බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.
කෙසේවෙතත් 2000 වර්ෂයේ සිට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ කඳවුරේ රනිල් වික්‍රමසිංහ කඳවුරේ සංන්ධාන ගතවෙමින් වරින් වර මැතිවරණ සඳහා ඉදිරිපත්ව තිබේ.