ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් ණය මුදලේ දෙවැනි වාරිකය ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක සාකච්ඡාව වොෂින්ටන්හි පිහිටි එම ආයතන මූලස්ථානයේ පැවැත්වුණේ පසුගිය අඟහරුවාදා දිනය. ආණ්ඩුවද සඳුදා දිනයේ ආදායම් වැඩිකර ගැනීමේ අරමුණෙන් වැට් බද්ද 18% දක්වා වැඩිකිරීමේ යෝජනාව සම්මත කළේ දෙවැනි වාරිකය නිදහස් කරගැනීම සඳහා වූ තල්ලුවක් වශයෙනි. ඒ අනුව අඟහරුවාදා රාත්‍රියේ අදාළ වාරිකය නිදහස් කිරීමට මූල්‍ය අරමුදල තීන්දු කළ පුවත එහි වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ බව මුලින්ම දුටුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහය. ඒ, සේමසිංහ අදාළ තීන්දුව කුමක්ද යන්න දැනගැනීම සඳහා සවස් වරුවේ සිටම එම වෙබ් අඩවියට ගොස් නිතර නිතර සොයාබැලීම නිසාය.Sri Lanka Latest News
ලොකු ජයග්‍රහණයක්!
ඒ අනුව සතුටුදායක පුවත දුටු සැණින් සේමසිංහ වහාම කළේ පළමු ඇමතුම ජනාධිපතිවරයාට ගෙන ඒ බව දැනුම් දීමය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සැලකෙන්නේ ඉතා කලාතුරකින් පුද්ගලයකුගේ ගුණ වයන්නකු ලෙසය. නමුත් මෙහිදී සේමසිංහ දැනුම් දුන් පුවතින් ජනාධිපතිවරයාද සතුටින් ඉපිල ගිය බවක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපතිවරයාගේ කටින් පිටවුණේ සේමසිංහවත් නොසිතූ වචන කිහිපයකි.
‘මේක ලොකු ජයග්‍රහණයක්. ඔයත් ඒකෙ ලොකු කොටස්කාරයෙක්. මේක ඔයාගේ දේශපාලන ජීවිතයේ ලොකු ඇචීව්මන්ට් (ජයග්‍රහණයක්) එකක්…’ යැයි කියමින් ජනාධිපතිවරයා සේමසිංහට සුබ පැතීමට කටයුතු කිරීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම විය.










