පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරන බව පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. Sri Lanka Latest News
බොදුබල සේනා සංවිධානය කොළඹ දී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවක දී ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක්වු බවට එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වනවා.
උන්වහන්සේට එරෙහිව මේ සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරන බව පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (11) දැනුම් දුන්නා.
ඒ නීතිපති උපදෙස්වලට අනුවයි.
වසර 11ක් නීතිපති උපදෙස් නොලැබීම සහ ප්‍රමාදයට හේතු සම්බන්ධයෙන් අද (11) දින කරුණු දක්වන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.










