වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට අද (25) දිනයේ කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අද උදෑසන 9 සිට සවස 6 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මුලස්ථානය, කොටුව දුම්රිය ස්ථානය සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවතට එම වෘත්තීය සමිති සාමාජිකයින්ට ඇතුළුවීම තහනම් වේ.
එමෙන්ම CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වට රවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතම් වීදිය, මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත, පොලිස් මුලස්ථානය ඉදිරිපිට, බාලදක්ෂ මාවත, වෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වට රවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ද ඇතුළවීමෙන් වළකින ලෙසත් පොදු හා පුද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත් කොටුව අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ.
එලෙස නියෝග නිකුත් කර ඇති සාමාජිකයින්ගේ නම් පහතින් දැක්වේ.
*සමීර අල්විල් – බැංකු හා මුල්‍ය සංසදයේ ක්‍රියාකාරි
* නිරෝෂන් ගොරකානාගේ – සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම්
*විජයතිලක ජයසිරි – අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතියේ සභාපති
*සමීර පතිරණ – ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපති
*උදයංග හෙට්ටිආරච්චි – ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක
*ඩී.පි. ජයවර්ධන – ජල සම්පාදන හා ජල ප්‍රවාහන සේවක සංගමයේ උපසභාපති
*ගාමිණි රත්නායක – වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
*අනුර නයනාන්ද – අන්තර් සමාගම් සේවක සංගමයේ බියගම කලාප සංවිධායක
*මංජුල සිරිසෝම – රාජ්‍ය ඉංජිනේරු සේවා සංගමයේ සභාපති
*අසංක සංජීව – සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ උපලේකම්










