නිල ඡන්ද පත්‍රිකාවලින් 80%ක් මේ වනවිට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.Sri Lanka Latest News
මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඒවා විශේෂ ආරක්ෂාවක් යටතේ ගබඩා කර ඇති බවයි.
මේ සතිය අවසන් වනවිට නිල ඡන්ද ප්‍රතිකා මුද්‍රණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය සඳහන් කළේ ය.
මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.










