මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් බහුතරය පුනරුද ආණ්ඩුවේ මන්ත්‍රීවරු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News
වත්කම් බැරකම් ප්‍රකාශය භාරදීම සඳහා ලබාදී තිබූ කාලය ජුනි මස 30 වැනිදා ගෙන් අවසන් විය.
මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ භාරදී නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80 ක් සිටින අතර ඔවුන්ගෙන් බහුතරය පුනරුද ආණ්ඩුවේ මන්ත්‍රීවරු බව ඉහත ආරංචි මාර්ග තහවුරු කරයි.
එලෙස බාර නොදුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි ඉහත ආරංචි මාර්ගය වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර ජුනි මස 30 වැනිදා වන විට වත්කම් බැරකම් බාර දී තිබූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පාර්ලිමේන්තු බලධාරීන් විසින් පෙරේදා (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත භාර දී ඇත.










