පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්මහතා වෙනුවෙන් සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිතව සිටියත් සාක්ෂි දුන්නේ ඉන් හත් දෙනකු පමණිSri Lanka Latest News
පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර් එස් වීරවික්‍රම මහතා සෙසු අට දෙනාගෙන් සාක්ෂි නොවිමසන බව දැනුම් දීමෙන් කමිටුව එම සාක්ෂිකරුවන් අද (25) මුදා හැරියේය.
මේ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් මැතිසභා කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම අද අවසන් විය.
පරීක්ෂණ කමිටුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන මස 1 වැනිදාය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සහභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) පෙරවරුවේ රැස්විය.
රාජකාරිය කටයුත්තකට විදේශගතව සිටින පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සාක්ෂි ලබාදීම අද(26) දිනෙන් පසු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා යන මහත්වරු දැනුම් දුන්හ. ඒ අනුව එම සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් ලබන මස 1 වැනිදා සාක්ෂි ගැනීමට තීරණය කෙරිණ.
අනතුරුව දෙපාර්ශවයෙන්ම ලිඛිත දේශන ලබන මස 8 වැනිදා පස්වරු 3.30ට පෙර පරීක්ෂණ කමිටුවට බාරදීමට දෙපාර්ශ්වය එකඟ වූහ.










