77 මහා ජයග්‍රහණය වෙනුවෙන් ජේ.ආර් ජයවර්ධන මහත්මයාගේ මැතිවරණය ව්‍යාපාරය ජයග්‍රහණය කරවන්න ගමක් ගානේ කලාකරුවන් අරගෙන ගියා.එදා හිටපු ශ්‍රේෂ්ඨ ,ජනප්‍රිය කලාකරුවන් සියයට අනූ නවයක්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළා.
නමුත් කාලය ගෙවී යනකොට එක්සත් ජාතික පක්ෂයෙන් කලා කරුවන් ඈත් වුණා.ඒකට හේතු රැසක් තිබුණා. බලය ලබා ගැනීමෙන් පසු කලාකරුවන් අමතක කරලා දාන තැනට පත් වුනා.
අද අපි එක්ක එකතු වෙන්නේ අන්න ඒ කලාකරුවන්.අපි සහතික වෙනවා මේ සියලු කලාකරුවන් සුරක්ෂිත කරන නීතිමය ශක්තිය ගෙනෙනවා. යැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.








