පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන්වල අසුන්ගැනීමට හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් සිය අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී තමන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් පනවන ලෙස ඒ මහත්වරුන් දැනුම් දී ඇති බව දැනන්නට ඇත.
තමන් පක්ෂ නායකවරුන් ලෙස කටයුතු කිරීම ඊට හේතු වී ඇති බවද ඔවුන් සදහන් කොට ඇති බව පැවසේ.
ඒ අනුව යම් හෙයකින් එම කරුණ නොසලකා තමන් පසුපෙළ ආසනවල අසුන් ගැන්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කළහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට වීරවංශ සහ ගම්මන්පිල යන මහත්වරුන් තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
දැනට ඇති තොරතුරු අනුව වීරවංශ මහතාට ආණ්ඩුවේ පසුපෙළ 73 වැනි ආසනයත්, ගම්මන්පිල මහතාට 78 වැනි ආසනයත් වෙන් කොට ඇති බව පැවසේ.










