• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

71 කැරැල්ලේ එකට මියගිය මිතුරන් දෙදෙනා නිවුන් දැරියන් වී එකට ඉපදිලා! පෙර බවේ ඥාතීන් හදුනගනී! මරා දැමූ රූමස්සල කැලෑවටත් යයි!

July 3, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
71 කැරැල්ලේ එකට මියගිය මිතුරන් දෙදෙනා නිවුන් දැරියන් වී එකට ඉපදිලා! පෙර බවේ ඥාතීන් හදුනගනී! මරා දැමූ රූමස්සල කැලෑවටත් යයි!
Share on WhatsAppShare on Facebook

එක්දහස් නවසිය හැත්තෑ එකේ කැරලි සමයේ දී මියගිය තරුණයෙකුගේ ජීවිත තොරතුරු හෙළි කළ දැරියක් 1978 වසරේදී උපත ලැබීය. මෙම පුනර්භව සිදුවීම සනාථ වීමෙන් පසු තරුණ වියට පත්වූ එම දැරියගේ විවාහය සිදුවූයේ ද පෙර භවයට සම්බන්ධවය. ලොව සිදුවන පුනර්භව පර්යේෂණ අතර මෙවැනි පුනර්භව සාධකයක් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

පෙර භවය හෙළි කළ දරුවන් වැඩි වියට පත් වූ පසු ඔවුන්ගේ ජීවිත තොරතුරු විමර්ශනය කිරීමේ පර්යේෂණ රටවල් රැසක දැන් සිදු කෙරේ. ඒ යටතේ ශ්‍රී ලංකාවේ මෑත දී සිදු කළ පර්යේෂණයත් පසුගිය ලිපියකින් අනාවරණය කැරිණි. මෙම පර්යේෂණ යටතේ විමර්ශන සිදු කළ තවත් පුනර්භව සාධකයක් මගින් අනාවරණය වූ වැදගත් සිදුවීමක් මෙම ලිපියෙන් හෙළි කෙරේ.

එම පුනර්භව සිදුවීමට හේතු වූයේ 1971 කැරැල්ලේ දී මරණයට පත් වූ බැව් හෙළි කළ නිවුන් සොයුරියන් දෙදෙනෙකුගේ කතා පුවතකි. පෙර භවයේ දී මිතුරන් දෙදෙනෙකු ලෙස ජීවත්ව සිටි බැව් හෙළි කළ එම නිවුන් දැරියන් දෙදෙනාගෙන් එක් අයෙක් දැන් තිදරු මවකි. ඇය විවාහ වී ඇත්තේ පෙරභවයේ මිතුරෙකුගේ පුත්‍රයෙකු සමග වීම විශේෂයකි.

ගාල්ල මහ රෝහලේදී 1978 වසරේ දී උපත ලද එම නිවුන් දැරියන් දෙදෙනාම පෙර භව තොරතුරු අනාවරණය කිරීම තවත් විශේෂත්වයක් විය. ඔවුන් දෙදෙනාගේ පෙර භවයේ හැඳින් වූ පුද්ගල නම්ද එදා එම දැරියෝ පැවසූහ. ඔවුන් දෙදෙනා හැඳින්වූයේ රොබට් සහ ජොනී යනුවෙන් බැව් ඔවුන්ට මතක තිබිණි. රොබට්ගේ ජීවිත තොරතුරු අනාවරණය කළේ ශිවන්ති නම් වූ දැරිය විසිනි. ශිවන්ති දැරිය ප්‍රකාශ කළේ ඇගේ මරණය සිදුවූයේ වෙඩි පහරකට ලක්වීමෙන් බවය. වෙඩි වැදුණු ස්ථානය ලෙස ඇගේ සිරුරේ තිබූ උපන් ලපයක් ද ඇය විසින් පෙන්වා දෙනු ලැබුවාය.

මෙම දැරියන් දෙදෙනාම හෙළි කළ තොරතුරු ප්‍රථම වරට අනාවරණය කරනු ලැබුවේ ලංකාදීප පුවත්පත මගිනි. 1982 ජුනි 12 වැනිදා ප්‍රධාන පුවත මගින් කැරැල්ලෙන් මළ තරුණයෝ දෙදෙනෙක් යළි උපදිති. මැයෙන් එය පළවිය. අනතුරුව වර්ජිනියා විශ්වවිද්‍යාලය මගින් ද මේ පිළිබඳව පූර්ණ පර්යේෂණ යොමු කළේය. එම පර්යේෂණ වාර්තාව මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ වාර්තාවකට ද ඇතුළත් කර තිබේ.

ශිවන්ති දැරිය අනාවරණය කළේ පෙර භවයේ රොබට් ලෙස හඳුන්වන ලද තරුණයාගේ තොරතුරු විය. රොබට් මරණයට පත්වී ඇත්තේ පොලිස් වෙඩි පහරකට ලක්වී රූමස්සල කන් ද මුදුනේ දී යැයි හෙළි විය. වෙඩි පහර එල්ල වූ ස්ථානය ලෙස හඳුන්වනු උපන් ලපයක් ද ශිවන්ති දැරියගේ සිරුරේ දක්නට ලැබිණ.

මෙම දැරියන් දෙදෙනා තම පෙරභවය හෙළි කිරීම ආරම්භ වූයේ ඔවුනොවුන් නිවසේ අවැදිමින් දෙදෙනා අතර ඇති වූ කතාබහක් මගිනි. දෑත් පිටුපසට තබමින් ඔවුන් රැගෙන ගිය අන්දම නිරූපණය කිරීම ද ඔවුන්ගේ සිරිත වූවාය. ඒ වන විට එම දැරියන් වයස අවුරුදු දෙක හමාරක පමණ ඉතා කුඩා වයසේ සිටියහ. සිරුරේ පිහිටි උපන් ලපය ඇති ස්ථානයට අතැගිල්ල දිගු කරමින් ‘‘මෙතනටම තමයි වෙඩි වැදුනේ’’ යනුවෙන් ශිවන්ති දැරිය පෙරභව ජීවන තොරතුරු ප්‍රකාශ කළාය.

මෙම වදන ශ්‍රවණය වීමෙන් මව මවිතයට පත්වී තොතුරු විමසීමට උනන්දු වූවාය. එහිදී ඇය පෙරභවයේ මතක සටහන් අතරින් සියලු තොරතුරු හෙළිකරන්නට වූවාය.

ශිවන්ති දැරිය එදා ඇගේ පෙරභව තොරතුරු හෙළි කිරීම ගැන පර්යේෂණ පැවතීමේ දී ඇගේ ප්‍රකාශය පර්යේෂණ වාර්තාවකට ඇතුළත් වී ඇත්තේ මෙසේය.
‘ඔයාට එහෙදී මොකද වුණේ? යැයි ඇගෙන් විමසූ විට ‘වෙඩි තිබ්බා’. යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය. වෙඩි තිබ්බේ කවුද ? යැයි ප්‍රශ්න කළ විට ඇය පිළිතුරු දුන්නේ පොලිසියෙන් යනුවෙනි. එහිදී ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් එහි සටහන් වී ඇත්තේ මෙසේය.
‘වෙඩි වැදුනෙ කොහේදි ද?’
‘කැලේදි’
‘වැදුනෙ කොහේටද?’

පපුවට මෙතනට යැයි උපන් ලපය පෙන්වූවාය.
‘ඔයාට වෙඩි තියන කොට ඔයා මොකද කළේ?’
‘එතකොට මගේ අත් බැඳලනෙ’
’එහෙදී ඔයාගෙ නම මොකක්ද?’
‘රොබට්’
‘එහෙදී වෙන කවුද හිටියේ?’
‘ජොනී මගේ යාලුවා අපි දෙන්නා ගල්ගෙදරකත් හැංගිලා හිටියා’
‘යාලුවා හම්බ වු​ණේ කොහේදී ද?’

මම ඒ ගොල්ලන්ගෙ ගෙදරින් යනවා. මේ අයුරින් ශිවන්ති ඇගේ පෙරභවයේ මිතුරා පිළිබඳව ඉතා පැහැදිලිව හෙළි කළාය. ජොනී නම් තරුණයාගේ තොරතුරු අනාවරණය කරනු ලැබුවේ ශිවන්තිගේ අනෙක් නිවුන් සොයුරිය වූ ශිරෝමි විසිනි. ශිරෝමි පැවසුවේ ඇගේ පෙර භවයේ නම ජොනී ලෙසය. එම තරුණයන් දෙදෙනාම අඹ යහළුවන් ලෙස ඇසුරු කළ දෙදෙනෙකු බැව් පර්යේෂණවල දී සනාථ විය. ජොනීගේ මරණය සිදු වූ අයුරු ශිරෝමි දැරිය ප්‍රකාශ කළේ ’එහෙ දී මාව පිච්චුවා’ යනුවෙනි. දෙදෙනාම එකතුවී ඔවුන්ට මරණය සිදු වූ අයුරු දෙදෙනා විසින්ම ප්‍රකාශ කිරීම ආරම්භ වූ බැව් එදා එම දැරියන්ගේ දෙමාපියෝ අප සමග හෙළි කළා.

මෙම දැරියන් දෙදෙනා පෙර භවයේ තරුණයන් දෙදෙනෙකු ලෙස ජීවත්ව සිටි බැව් සනාථ වන හැසිරීම් රටාවක් ද ඔවුන් තුළින් දක්නට ලැබිණි. ඔවුන් දෙදෙනාම ටී ෂර්ට් යනුවෙන් හැඳින් වූ බැනියම්වලට මහත් ආශාවක් දැක් වූහ. පෙර භවයේ දී ජොනී සහ රොබට්ගේ සුපුරුදු අැඳුම වී ඇත්තේ ද ටී ෂර්ට්ය. ශිවන්ති ආනාවරණය කළ පෙරභව තොරතුරු අතර තවත් අති විශේෂ කරුණක් විය. එනම් ඇය පැවසුවේ ‘යටගල පන්සලේ අපිට පින්කම් කළා’. යනුවෙනි. ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේ දී හෙළිවූයේ ජොනී සහ රොබට් මරණයට පත්වීමෙන් පසුව ඔවුන් වෙනුවෙන් දෙමාපියන් විසින් එම පූජනීය ස්ථානයට ගොස් පින් පැමිණවීම් සිදු කළ බවකි.

මෙම දැරියන්ගේ පෙර භව තොරතුරු හෙළිවීමෙන් පසු පෙරභව පවුල්වල නෑදෑයින් සහ හිතවතුන් එම දැරියන් බැලීමට ද ගියහ. එහිදී ශිවන්ති දැරිය විසින් ඔවුන්ගේ පෙරභව පවුලේ ඥාතීන් කීප දෙනෙක්වම හඳුනා ගත්හ. ශිරෝමි ද ඒ අයුරින්ම පෙර භව නෑ හිතවතුන් කීප දෙනෙක්ම හඳුනා ගනු ලැබුවාය. ශිවන්ති හෙළි කළ පෙරභවයේ රොබට්ගේ මිතුරා වූ ජොනීගේ සොහොයුරෙක්ව ද ශිවන්ති විසින් හඳුනා ගනු ලැබුවාය. ඇය දැන් විවාහ වී සිටින්නේ එම මිතුරාගේ පුත්‍රයා සමග වීම මෙම පුනර්භව සාධකයේ ප්‍රබල කරුණක් ලෙස හැඳින්විය හැකිය.

එදා මෙම දැරියන්ගේ පර්යේෂණය සඳහා අප ඔවුන් හමුවන විට ඔවුන් ප්‍රකාශ කළ පෙරභව නිවෙස් වෙත රැගෙන යාමක් සිදු වී නොතිබිණි. 1982 ජුනි මස 4 වැනිදා අප එම දැරියන් දෙමාපියන් සමග ඔවුන්ගේ පෙර භව ගැමි ප්‍රදේශය වූ රූමස්සල ප්‍රදේශයට ගියෙමු. එහිදී ශිවන්ති දැරිය මව සමග පෙරමුණ ගෙන ගමන් කළාය. එහි දී ශිවන්තිට එම ගමන් මාර්ගය ගැන ඉතා හොඳ මතකයක් තිබූ බැව් දක්නට ලැබිණි. තම පෙරභව නිවස ඉදිරියෙන් ඇති බැව් පවසමින් රූමස්සල කඳු මුදුන දක්වා ඇය ගමන් කළේ දැඩි උනන්දුවකිනි.

‘පෙර භව නිවස කොහේද’ යැයි ශිවන්තිගෙන් ප්‍රශ්න කළ විට නිවසට වඩා ඇය උනන්දුවූයේ වෙඩි තැබීම සිදු වූ බැව් කියනු ලැබූ ස්ථානය වෙත යාමටය. අතැඟිලි දිගු කරමින් ඇය පෙන්වා දුන් ස්ථානය වෙත අප ගමන් කළෙමු. අඩි හතළිහක් පමණ පහළින් මුහුද දක්නට ලැබෙන පර්වතවලින් වැසිගිය ස්ථානයක් වෙත ඇය ගමන් කළාය. එම ස්ථානය වෙඩි තැබීම සිදු වූ ස්ථානය ලෙස අනාවරණය වීය. පැයකටත් වඩා වැඩි කාලයක් එදා ඔවුන් රූමස්සල කන්ද ප්‍රදේශයේ සංචාරය කළහ. අනතුරුව ඔවුන් පෙර භවයේ දී නිතර ගිය ස්ථානයක් වූ වැල්ලේ ​දේවාලය වෙත ද ගමන් කළහ.

ශිවන්තිගේ පුනර්භව සාධකයේ අතිශය දුර්ලභ සිදුවීමක් වන්නේ ඇයගේ විවාහය සිදු වූ අයුරුය. ශිවන්ති පෙරභවය හෙළි කිරීමෙන් පසු පෙර භවය ලෙස සනාථ වූ රොබට්ගේ ඥාති ශිවන්තිගේ නිවසට ඒමටත් ඇයට පෙරභව ඥාතින්ගේ ඇසුර ලැබීමටත් ශිවන්තිට වාසනාව හිමිවී තිබිණි. රොබට්ගේ මිතුරෙකු වූ ඥාණදාස මහතා පදිංචිව සිටියේ උණවටුනේය. ඔහු සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටියේය.

ඔහුගේ පුත්‍රයා වූ ෂර්ලි උපත ලැබුවේ 1976 වස​රේදීය. ශිවන්තිගේ පුනර්භව සාධකය අනාවරණය වන විට ඔහු සය අවුරුදු දරුවෙකු විය. අධ්‍යාපනයට උනන්දු වී සිටි ඔවුන් දෙදෙනාම සාමාන්‍ය පෙළ සමත්වීමෙන් අනතුරුව උසස් පෙළ අධ්‍යාපනයට ද යොමු වූහ. තරුණ ෂර්ලි සහ ශිවන්ති බාහිර පංති ගොස් අධ්‍යාපනය ලබද්දී ඔවුනොවුන් හමුවීමට අවස්ථාව ලැබිණි. පෙරභව සබඳතාවය මත දැන හැඳිනගෙන ඇසුරු කළ ඔවුහු පෙම්වතුන් බවට පත් වූහ.

ශිවන්ති අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයෙන් විෂයන් අටක් සම්මාන සාමාර්ථ හතරක්ම සමගින් සමත් වූවාය. අනතුරුව ඇය උසස් පෙළ ද විෂයයන් හතරම සමත් වූවාය. ෂර්ලි ද උසස් පෙළ සමත්වූව ද ඔහු ද උනන්දු වූයේ පියා සමග සංචාරක ක්ෂේත්‍රයේ රැකියාව කිරීමටය. ඒ වන විට පෙම්වතුන් බවට පත්වී සිටි ශිවන්ති සහ ෂර්ලි 2001 වසරේදී ආදරබර පෙම්වතුන් ලෙස විවාහ ජීවිතයට ඇතුළත් වූහ.

පෙර භවයේ සබඳතා මත ෂර්ලිගේ පවුලේ අය සමග මහත් සතුටින් ජීවත් වු ඔවුන්ට කනගාටුදායක අවස්ථාවකට මුහුණ පෑමට සිදුවිය. එනම් සුනාමි ව්‍යසනයේ දී ෂර්ලිගේ පියා සහ සොහොයුරෙකු ජීවිතයෙන් සමු ගැනීමය. සුනාමි උවදුරෙන් දැඩි පීඩාවට පත්ව සිටිය ද ස්ව උත්සාහයෙන් නැවත නැගිට ගැනීමට ෂර්ලිට වාසනාව හිමි විය. ඔහුගේ ජීවිතය බේරුණේ ද ප්‍රාතිහාර්යයක් ලෙසිනි. එහෙත් කොරෝනා නිසා සංචාරක ව්‍යාපාරයට එල්ලවී ඇති අති දුෂ්කරතාවය නිසා ඔවුහු නැවතත් අසීරුතාවයකට මුහුණ දී සිටිති.

ශිවන්තිගේ දරුවන් තිදෙනාම තවමත් අධ්‍යාපනයේ නියැලී සිටින දරු තිදෙනෙකි. ශිවන්තිගේ ජීවන තොරතුරු විමර්ශනය කිරීමට පසුගිය දිනෙක අපට නැවත අවස්ථාව ලැබිණි. පෙරභවයේ මතක සටහන් පිළිබඳ ඇගෙන් විමසූ විට ඇය පැවසුවේ පෙර සිදුවීම් මතකයේ රැඳී ඇත්​තේ සුළු වශයෙන් බවය. මම කුඩා කාලෙ කිව්වා කියන තොරතුරු මතකයි. ඒත් ඒවා මා අසන්නට ලැබුණු තොරතුරුයි. ඒත් ඒ පරිසරය මට මතකයි. ඒකට තවත් හේතුවක් වුණේ මගේ විවාහය පෙර භවයට සම්බන්ධව සිදු වූ නිසයි. මා පෙර භවයේ ජීවත්ව සිටි ප්‍රදේශයට සම්බන්ධ ජීවත්වීමට ලැබීම ගැන මා සතුටු වෙනවා යැයි ඇය අප සමග පැවසුවාය. ෂර්ලි සමග සිදු වූ විවාහය පිළිබඳව විමසූ විට ඇය පැවැසුවේ මගේ පුනර්භව සිදුවීමත් සමගම ෂර්ලිව මා දැන හැඳින ගත්තේ පුංචි කාලයෙදිමයි. තරුණවියට පත්වූ පසු නැවත ඇසුරු කරන්න ලැබුණා. ඒ අනුව අපි දෙදෙනා පෙම්වතුන් බවට පත්වී අපේ විවාහය සිදුවුණා යැයි ද ඇය පැවසුවාය.

තිස්ස ජයවර්ධන

SendShareShare
Previous Post

පොලිස් පුටු මාරුවක්! අජිත් රෝහණත් ඒ අතර!

Next Post

15ක දැරිය අන්තර්ජාලයෙන් මිලදී ගත් නැව් කප්පිත්තෙක්-මැණික් මුදලාලි කෙනෙකුත් අල්ලයි!

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.