• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

70 පැන්න පරණ සෙට් එකද? 60 නොපැන්න අලුත් සෙට් එකද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

October 14, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
70 පැන්න පරණ සෙට් එකද? 60 නොපැන්න අලුත් සෙට් එකද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය සතියේ මහින්ද රාජපක්ෂ කාටත් හිතන්න කතාවක් කීවේය.Sri Lanka Latest News

‘මට හැමදාම නායකත්වයේ ඉන්න බැහැ. අලුත් කෙනෙක් නායකත්වයට ගේන්න ඕනෙ…’

මේ, මහින්ද කී ඒ කතාවය. මහින්දගේ දැන් වයස අවුරුදු 77කි. මහින්ද 2005 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රීලනිපයේ නොනිල නායකත්වයට පත්වුවත් නිල වශයෙන් ශ්‍රීලනිප නායකයා වූයේ 2006 දීය. ඔහු එතැන් සිට 2015 තෙක් ශ්‍රීලනිපයේ නායකයා වූ අතර, 2015දී ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීට දුන්නේය. 2019දී ඔහු බැසිල් හදපු නව පක්ෂය වූ පොදුජන පෙරමුණේ නායකයා විය. 2006 මහින්ද ශ්‍රීලනිප නායකත්වයට පත් වූයේ 1994 සිට 2006 දක්වා ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ චන්ද්‍රිකාට සමුදෙමිනි. ඒත් චන්ද්‍රිකා දේශපාලනයෙන් ඉවත් වූයේ නැත. ඇය 2006 දීත් පක්ෂ නායකත්වයේ ඉන්න උත්සාහ දැරුවත් එය අසාර්ථක විය. පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු ඇය ටික දවසක් ලන්ඩන් ගොස් සිට යළි ලංකාවට පැමිණ මහින්දට එරෙහිව තිරය පිටුපස ගේම පටන් ගත්තාය. 2015 මහින්දව පරාජය කරන්න මෛත්‍රීපාලව ගෙන ආවේ ඇයය. මෛත්‍රීපාලව ජනාධිපති කොට ඇය ශ්‍රීලනිප නායකත්වය බලාපොරොත්තු වුවත් මෛත්‍රීපාල ශ්‍රීලනිප නායකයා විය. 2019 ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල නිකම්ම නිකම් මන්ත්‍රීවරයෙක් වූ විට චන්ද්‍රිකා ඔහුගෙන් ශ්‍රීලනිප නායකත්වය ගන්න උත්සාහ ගත්තාය. ඇය අදත් ශ්‍රීලනිප නායකත්වයට හිමිකම් කීමේ සටන අත්හැර නැත. ඇයගේ වයස අවුරුදු 78කි.

මෛත්‍රීපාලත් 1994 සිට ආණ්ඩුවල ප්‍රබල ඇමැති ධුර දරා 2015 ජනාධිපති වී ශ්‍රීලනිපයේ නායකත්වයට පත් විය. ඔහුගේ වයස අවුරුදු 72කි. ඔහු ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගොස් 2020 මහ මැතිවරණයට තරග කොට පොළොන්නරුවේ මන්ත්‍රී වී යළිත් ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

රනිල් වික්‍රමසිංහ යූ.ඇන්.පී. නායකත්වයට පත්වූයේ 1994 දීය. 1994 සිට 2005 දක්වා ඔහු චන්ද්‍රිකාට එරෙහිව ප්‍රධාන චරිතය විය. 2005 සිට 2019 දක්වා මහින්දට එරෙහි ප්‍රධාන චරිතය විය. 2020 මහ ඡන්දයේදී ජනතාව ඔහුවත් ඔහුගේ පක්ෂයත් ප්‍රතික්ෂේප කළේ ඔහුට මන්ත්‍රී ධුරයත් අහිමි කොට ගෙදර යන්න කියමිනි. ඒත් ඔහු පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ අගමැති වී ජනාධිපති වූයේ මහින්දගේ පිහිටෙනි.

2019 ජනාධිපතිවරණය වන විට මේ දේශපාලන චරිත සියල්ල ජනතාවට අප්‍රිය විය. 2019 ජනාධිපතිවරණය අලුත් නායකයෝ තුන් දෙනෙක් කරළියට ගෙන ආ ඡන්දයකි. ඒ, ගෝඨාභය, සජිත් සහ අනුර කුමාරය. අනුර ජවිපෙ නායකත්වයට පත්වන්නේ 2014දීය. ඔහු සහ සජිත් රටේ අගමැතිකම්, ජනාධිපතිකම් කර නැත. ඒ වන විට ගෝඨාභය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් නොවීය. එහෙම බලන කොට මේ තුන්දෙනා අලුත් පරම්පරාවක අලුත් නායකයෝ තුන්දෙනෙක් වූහ.

නමුත් මහින්ද සහ රනිල් ඔවුන්ට ඉඩ දුන්නේ නැත. පොදුජන පෙරමුණු නායකත්වය ගෝඨාභයට දෙන්න යැයි මහින්දට කීවත් මහින්ද නායකත්වය අතහැරියේ නැත. 2020 මහ ඡන්දයෙන් පසු රනිල්ට දේශපාලනයෙන් විශ්‍රාම ගොස් පක්ෂය සජිත්ට භාරදෙන්න යැයි කීවත් රනිල් එය අතහැරියේ නැත. මහින්ද සහ රනිල් එක්වී ගෝඨාභයගේත් සජිත්ගේත් තටු කපන්න සැලසුම් කළහ.

රනිල්ට පාර්ලිමේන්තු එන්න බල කළේ මහින්දය. රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් පළමු කතාවෙන් ගැහුවේ ගෝඨාගේ අගසව් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටය. මේ වෙනකොටත් මහින්ද සහ රාජපක්ෂ පවුලේ සතුරා වී සිටියේ ඔහුය. මහින්ද සහ පවුලේ සැලසුම වූයේ ගෝඨාගේ තටු කපා ආණ්ඩුවේ බලය අල්ලන්නටය. රනිල්ට අවශ්‍ය වූයේ මහින්ද සහ පවුලේ සහායෙන් විපක්ෂ නායක වෙන්නටය. ඒත් ගෝඨාගේ අසමත්කමෙන් සියල්ල අවුල් විය. ගෝඨා, සජිත්ව අගමැති කරයි කියා මහින්ද සහ පවුල බය විය. මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වූයේ රනිල්ව අගමැති කරවන බවට පොරොන්දු කරවාගෙනය. ඉන් පසු ගෝඨාගේ දේශපාලනය අවසන් විය. රනිල් ජනාධිපති වී ඔහුගේ චරිතයට පණ දෙන්න කොයි තරම් ඔක්සිජන් ගැහුවත් ඔහුට ජන මතයක් හදන්න නොහැකි විය. ගෝඨාගේ විනාශයෙන් රාජපක්ෂ පවුලම විනාශ වූ බව දැන බැසිල් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට යළිත් රාජපක්ෂලා සහ රනිල්ගේ දේශපාලනයට පණ දෙන්න ගේම් ගහයි. හදිසි ජනාධිපතිවරණයක්, හදිසි ජනාධිපතිවරණයක් කී රනිල්ද දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනමත විචාරණ තියන්න ගේම් ගහයි. මෛත්‍රීපාලත් රනිල්ට සෙට් වී තමන්ගේ දේශපාලනය ආරක්ෂා කරගන්න උත්සාහ දරයි. චන්ද්‍රිකාත් මේ කොනක එල්ලෙන්න දතකයි.

මහින්ද, රනිල්, බැසිල්, මෛත්‍රීපාල, චන්ද්‍රිකා මේ හැමෝම 2024 ජනාධිපතිවරණයට බය 2024 ජනාධිපතිවරණයට මේ හැමෝම දේශපාලනයෙන් අතුගා දමන ඡන්දයක් වන නිසාය.

2024 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙන බව සමගි ජන බලවේගයෙන් සජිත් සහ ජාතික ජන බලවේගයෙන් අනුර ප්‍රකාශ කොට ඇත. 50% ලබාගන්න පුළුවන් නම් තමාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ප්‍රකාශ කොට ඇත. 2024 ජනාධිපතිවරණයට යනකොට සජිත් ප්‍රේමදාසගේ වයස අවුරුදු 56කි. අනුර කුමාර දිසානායකගේ වයස අවුරුදු 55කි. ධම්මික පෙරේරාගේ වයස අවුරුදු 56කි. මේ අලුත් පරපුරක අපේක්ෂකයෝ තුන්දෙනෙකි. මේ තුන්දෙනාම උපත ලබා ඇත්තේ 1967 දීය. 2024 ජනාධිපතිවරණය වන විට මහින්දගේ වයස 78කි. රනිල්ගේ වයස 75කි. මෛත්‍රීගේ වයස 73කි. චන්ද්‍රිකාගේ වයස 79කි.

සජිත් ප්‍රභූ පන්තියෙන් දේශපාලනය රන් කිරි කටගෑ අයෙක් නොවේ. ඔහුගේ පියා මේ රටේ ප්‍රභූ දේශපාලන ප්‍රවේණි උරුමයක් ලෙස සලකා ප්‍රාණ භුක්තියට හිමිකර ගත් ප්‍රභූ දේශපාලනයට අභියෝග කළ නායකයෙකි. අනුර කුමාර ලංකාවේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය අකුරු කළ සාමාන්‍ය පවුලකින් පැවැත එන අයෙකි. ධම්මික පෙරේරා මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පුංචි තැනින් පටන් ගෙන ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගාගත් අයෙකි.

දැන් මහින්දලා, රනිල්ලා, මෛත්‍රීලා හිටියා ඇතිය. 1977 සිට 2024 දක්වා වසර 47කි. ඔවුන් මේ දේශපාලනයේ ගේම් ගැහුවා හොඳටම ඇතිය. ගහපු ගේම් රටම බංකොලොත් කළේය. මේ නිසා 70 පසුවන ඔවුන්ගේ වයස්ගත දේශපාලනය අවසන් කොට අලුත් නායකත්වයකට රටේ දේශපාලනය භාරදිය යුතුය. ඒ සඳහා හොඳම අවස්ථාව 2024 ජනාධිපතිවරණයයි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හොර අත්සන් ගහලා හොරට බෙහෙත් ගෙනාපු අය ඉන්න ඔන පාර්ලිමේන්තුවේ නෙමෙයි හිරේ! රනිල් එක්ක තිබ්බ සාකච්ඡාවේදී කෙහෙළිය ගැනයි-‌නිලධාරීන් ගැනයි රජයේ ‌වෛද්‍යවරු ඔක්කොම ‌කියයි! Sri Lanka Latest News

Next Post

පාතාලයට හිසරදයක් වූ පොලිසියේ බාලේන්ද්‍රසීහ මරා දාන්න වාතාවරණය හැදුවේ පොලිසිය ඇතුළෙන්මද? බුද්ධි වාර්තාවක් දී තිබියදීත් ආරක්ෂාවක් නොදුන්නේ ඇයි? ආයෙමත් පුටුවේ වාඩිවුණොත් පාතාල සෙල්ලම් ඉවර බව පාතාලයට ඉවවැටුණාද? Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.