තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති නමුත් ඊයේ (11) දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන් මරණ 07 මැයි මස 08 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති අනෙක් මරණ 55 ජුනි මස 01 වනදා සිට ජුනි මස 10 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,073 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.










