නිරෝධායන නීති කඩකිරීම හා පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත ප්‍රවීන සටන් නළු විල්සන් කරූ අද පොලිසිය විසින් අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට ආණ්ඩුවෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට ගිය අවස්ථාවේදී නිරෝධායන නීති කඩ කළ බව කියමින් පොලිසිය ඒ මහතාව අත්අඩංගුවට ගෙන තිබිණ.
කෙසේ නමුත් විල්සන් කරු මහතා වෙනුවෙන් නොමිලයේ පෙනී සිටිමට නීතිඥවරන් කටයුතු කර තිබීම විශේෂිතය.











