ජනතාවට සහන දෙන බව අයවැය මගින් ප්‍රකාශ කළ ද ඉන්දීය ව්‍යාපාරිකයෙක් විසින් නොමිලයේ දුන් කන්ටේනර් 5ක ඇති මෙට්‍රික් ටොන් 130ක සහල් තොගයක් මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවාගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති දේශමාන්‍ය රුවන් අසුරමුණි පවසනවා. Sri Lanka Latest News
මේ අනුව කොළඹ වරායේ රඳවාගෙන තිබෙන සහල් මෙට්‍රික් ටොන් 130ක ප්‍රමාණය (කිලෝ 130.000) විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.
”ඉන්දියාවෙන් නැව ආවෙත් නොමිලේ සහල් ආවෙත් නොමිලේ. ඒ දිළිඳු පවුල් සඳහා බෙදා දීමට මානුශීය ආධාරයක් වශයෙන්. ලංකාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට එවා තිබෙන කීරි සහ පුණ්ණි සම්බා සහල් කන්ටේනර් පහක් දැනට මාස තුනක කාලයක් සිට වරායේ රඳවාගෙන ඉන්නවා. ඒ මදිවට සහල් කිලෝ 1කට රුපියල් 65ක් බදු ගහන්න හදනවා. මේක අරුම පුදුම ආණ්ඩුවක්. මේ ආකාරයට තොගය රඳවා ගෙන තබා ගැනීම නිසා සහල් තොගය විනාශ වීමේ අවදානමක් ඇතිවිය හැකි බව ද එසේ වුවහොත් ඒම වගකීම ආණ්ඩුව භාරගත යුතුයි ” ඔහු පවසනවා.
මේ නිසා නොමිලයේ ලබාදුන් සහල් තොගය රේගු ගාස්තුවලින් නිදහස් කර අහිංසක ජනතාවට ලබා දෙන්නට පියවර ගන්නා ලෙසයි ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.










