කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,862 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 26 දෙනෙක් සහ කාන්තාවන් 22 දෙනෙක් වෙති.










