කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,917 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,180 දෙනෙක් අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,89,153ක් දක්වා ඉහල ගොස් ඇත.










