මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රී දැඩි විරෝධතාවක් පැවැත්වුනි.
එහිදී තත්ත්වය පාලනය කිරිම සදහා පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමත් සමඟ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි.
එහිදී කාන්තාවක් ඇතුළු 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.










