ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ එක් ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේතාක් අත්අඩංගුවට ගන්නා ලද වැඩිම සංඛ්‍යාව මෙය බවයි.
අන්තර් ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරිවිය ලිංගික කටයුතු සඳහා මිලදී ගත් බෞද්ධ විහාරස්ථානයක නායක භික්ෂුවක්, මාලදිවයිනේ හිටපු රාජ්‍ය මුදල් ඇමැතිවරයෙක්, පොලිස් නිලධාරීන් දෙදෙනෙක්, නාවික හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙක්, පොදුජන පෙරමුණේ උතුරු මැද පළාතේ දේශපාලනඥයෙක්, ගායකයෙක්, බැංකු කළමනාකරුවෙක් ඇතුළු ව්‍යාපාරිකයන් ගණනාවක් මේ අතර වේ.
මෙම දැරිවිය ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට පිරිමින් අද්දාගත් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා වෙබ් අඩවි හිමිකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇගේ නියෝගයෙන් ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.